31 C
Colombo
Saturday, July 27, 2024

රත්නපුර ප්‍රදේශයේ මාරක අනතුරක්

- Advertisement -

රත්නපුර නව නගරයේ ඊයේ (11) පස්වරුවේ සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

රත්නපුර නව නගරයේදී මෝටර් රථයක් සහ යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදීයි.        
   
කුරුවිට සිට රත්නපුරය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි තුනක ගැටී මෙම අනතුර සිදුව තිබුණු අතර අනතුර හේතුවෙන් යතුරුපැදිවල ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණා.

ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් කඩිනමින් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එක් අයෙකු අද (12) අලුයම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, කුරුවිට ප්‍රදේශයේ පදිංචි කවිඳු ගවේශාන් නමැති 20 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

රෝහල්ගතකළ සෙසු සිව්දෙනාගේ තත්ත්වයද මේ වනවිටත් බරපතළ බව වාර්තා වනවා.

අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් පසුව රත්නපුර පොලීසියට භාරවී තිබුණා.

ඔහු ඕපනායක හුණුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...