26 C
Colombo
Thursday, March 23, 2023

පොලිසියටත් ඇඟිලි සලකුණු යන්ත්‍ර…..

- Advertisement -

සෑම පොලිස් ස්ථානයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පොලිස් නිලධාරීන් රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී ඇඟිලි සලකුණු තැබීම සඳහා මෙම පියවර ගෙන තිබෙන බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

දැනට පවතින ක්‍රමය අනුව පොලිස් නිලධාරීන් සේවයට පැමිණ පොතෙහි සටහන් තැබිය යුතුය. පොලිස් ස්ථානයක නිලධාරීන් පනහක් සේවය කරන්නේ නම් දිනකට සටහන් පනහක් පොතට එක්වේ.

මේ නිසා සෑම දිනකදීම උදය කාලයේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පැය තුනක පමණ කාලයක් වැයකරමින් මෙම සටහන් කියැවීමට සිදුව ඇත. එබැවින් ස්ථානාධිපතිවරයාට රාජකාරි කිරීමට ලැබෙන කාලය සීමිත වී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරුම පවසයි.

නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම ලෙස දියුණු කිරීමට මෙම පියවර ගෙන ඇති බවය. එසේම මෙම ක්‍රමය මගින් ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඉහළ නැංවීමටද හැකිවනු ඇති බවයි මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...