26 C
Colombo
Thursday, March 23, 2023

ජයසූරියට එන්නත විද්දා නිසා කොරෝනා අමාත්‍යංශ ලේකම්ව ඉවත් කළා

- Advertisement -

සනත් ජයසූරිය මහතාට එන්නතක් ලබා දුන්නා යැයි චෝදනාවක් මත හිටපු ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කර ඇති බවත් තමන් වහන්සේලා සතුටෙන් මෙම ආණ්ඩුව බලයට පත් කළත් අද තමන් වහන්සේ වේදනාවෙන් කතා කරන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ඒ හේතුවෙන් එම මාරු කිරීම වහාම අවලංගු කර ඒ මහතාට නැවත පත්වීම ලබා දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පවසයි

උන්වහන්සේ මෙසේ පැවැසුවේ, ඊයේ (2) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ උන්වහන්සේ,

“අද රටේ ප්‍රශ්න පිළිබඳව ඉතා ම කනගාටුවෙන්, වේදනාවෙන් කතා කිරීමට සිදු වී තිබෙනවා. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් නැහැ වගේ ම ආණ්ඩුවකුත් නැති බව පේනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නිසි විදියට ආණ්ඩුව ගෙන යෑමට අවශ්‍යකම තිබෙනවා නම් පළමුව වෙනස් කළ යුත්තේ පී.බී. ජයසුන්දර මහත්මයායි. පී.බී. ජයසුන්දර මහත්මයා සිටිනතාක් මේ රටේ පාලනය කිසිවකුටත් ගෙනයෑමට හැකි වෙන්නේ නැහැ. ඔහු සැමවිට දරන්නේ ඔහුගේ මතයයි. එතුමාගේ උපදෙස් ගෙන මේ රට කවදාවත් ගෙනයන්නට බැහැ.

අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉතා ම දුර්වල තත්ත්වයක පවතිනවා. කොවිඩ් එන්නත ලබා දීමේදීත් ඒක පේනවා. එහි කිසිම ක්‍රමවේදයක් නැහැ. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි බලධරයෙක් නැහැ. එක එක අයට අවශ්‍ය පරිදි ඒක පාලනය කරනවා. මීට පෙර සෞඛ්‍ය ලේකම් ලෙස දක්ෂ පුද්ගලයෙක් සිටියා. අද ලේකම් තුළ නිසි පරිපාලනයක් නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාට එය තේරෙන්නේ නැත්තේ ඇයි දැයි ගැටලුවක්.

එක්වර ම වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා වෙනත් අමාත්‍යංශයකට දමා තිබෙනවා.

එතුමා සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි ඉපැරණිම නායකයෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු ඇතිවූ විට එතුමා ඒ පිළිබද පරීක්ෂණ පවත්වා ප්‍රශ්න විසදුවා. එතුමා විශාල වැඩ කොටසක් සිදු කළා. එතුමා දක්ෂ පරිපාලකයෙක්. නමුත් කොරෝනා සම්බන්ධ අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර සිටි එතුමා සනත් ජයසූරිය මැතිතුමාට එන්නතක් ලබා දුන්නා යැයි චෝදනාවක් උඩ වෙනත් අමාත්‍යංශයකට මාරු කර තිබෙනවා. දක්ෂ, පළපුරුදු අය වෙනත් ස්ථාන වෙත මාරු කර යමක් කළ නොහැකි ඇත්තෝ ඒ ස්ථානවලට පත් කරනවා. අපි සතුටෙන් මේ ආණ්ඩුව බලයට පත් කළාට අපි අද වේදනාවෙන් කතා කරන්නේ. ඒ නිසා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ මාරු කිරීම වහාම අවලංගු කර සිටි ස්ථානයේ ම නැවත පත්වීම ලබා දෙන්න යැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...