25 C
Colombo
Sunday, May 12, 2024

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

- Advertisement -

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි පැවසෙන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අනුරාධපුර මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා විසින් පසුගිය සිකුරාදා මෙම දඬුවම නියම කළා.

විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා තවදුරටත් නියෝග කළා.

දඬුවම් නියම වූයේ කොස්තාපල් චන්ද්‍රරත්න බණ්ඩාර, කොස්තාපල් නිමල් ප්‍රේමසිරි කෝනාර, පොලිස් පරීක්ෂක ආර්.එම්. රණරාජා බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක වයි.එල්. සෝමරත්න සහ කොස්තාපල් සෙනරත් බණ්ඩාර මැදවෙල යන පිරිසටයි.

1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අලුතින් මහවැලි කලාපයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය බල ප්‍රදේශය නව මහවැලි කොට්ඨාශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ​දී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඒ...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ගිලන් වෙලා

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ධාවනය කිරිමට ටයර් නොමැති විම හමුවේ එම ගිලන් රථය මාසයකට...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...