30 C
Colombo
Friday, May 17, 2024

ගුරු රස්සාව දාලා පන්දහසක් රට ගිහින්

- Advertisement -

2022 දෙසැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ සහ වැටුප් රහිත නිවාඩු ලබා ගෙන, සේවයෙන් ඉවත් වූ ගුරුවරුන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බවට ලංකා ගුරු සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ ගුරුවරුන් සම්පූර්ණයෙන් ම ගුරු සේවයෙන් ඉවත් වී විදේශගත වීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවයි.

එය මෙරට අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීම සඳහා බලපාන බව ඔවුන් පවසනවා.

සේවයෙන් ඉවත් වී ඇති ගුරුවරුන් අතර වැඩි දෙනෙකු ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, තොරතුරු තාක්ෂණය යන විෂයයන් උගන්වන ගුරුවරුන් බවයි වාර්තා වන්නේ.

මෙම විෂයයන් සඳහා සිටි එක ම ගුරුවරයා ද අහිමි වීමේ අවදානම නිසා මෙම තත්ත්වය දුෂ්කර පාසල්වලට ප්‍රභලව ම බලපා තිබෙනවා.

රජය මගින් මේ වසර තුළ රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට තීරණයක් ගෙන ඇති බැවින් මේ වසර අගදී තවත් ගුරුවරුන් 5000ක ට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ හේතු මත මේ රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පයෙන් පෝෂිත පිරිසක් බවට පත් කිරීම ගැටලුවක් වනු ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

40,000ක ට ආසන්න ගුරු හිඟය පවතිද්දී මෙලෙස විශ්‍රාම යාම සහ ගුරු වෘත්තියෙන් ඉවත්වීම බරපතල ප්‍රතිඵල ගෙන දෙන්නක් බවත් එය බරපතළ ලෙස බලපා ඇත්තේ දුෂ්කර පළාත් සඳහා බලපා තිබෙන බවත් ගුරු සංගමය සඳහන් කරනවා.

වෙනත් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය බඳවා ගැනීම් සිදු නොකළ ද ගුරු පුරප්පාඩු හැකි තරමින් හෝ පිරවීම රජයේ වගකීමක් වන අතර එය ඉටු කරන ලෙසට ලංකා ගුරු සංගමය ඉල්ලා තිබෙනවා.

ලංකාවේ ගුරුවරුන් මෙසේ රැල්ලක් සේ විදේශගත වීම සහ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම වැළැක්වීමට නම් වහා ම මේ සඳහා රජය මැදිහත් වී ගුරුවරුන්ට ජීවත්වීමට හැකි පරිදි ඔවුන්ගේ වැටුප් විෂමතා අවසන්කර කර දී රඳවා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

කොළඹ පාරක් වැහෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය, ආනන්ද කුමාරස්වාමි මාවත වසා දමා තිබෙනවා. පොලීසිය විසින් මෙම මාර්ගය වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ, පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් මෙම...

Breaking: ගෝඨාභයට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...