වාර්තාගත වර්ෂාතනය තත්ත්වය හේතුවෙන් ඇති වුණු හදිසි ගංවතුරෙන් බෙල්ජියම සහ ජර්මනිය යන රටවල 70 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගිය පුද්ගකයින්ගෙන් අවම වශයෙන් 11 දෙනෙක් බෙල්ජියමේ පුද්ගලයින් බවත් වැඩි පිරිස ජර්මානුවන් බවයි සඳහන් වන්නේ.
ඒ අතර අතුරුදන් වූවන් ද සිටින බවත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙනවා.
ගංවතුර තත්ත්වයෙන් දැඩි බලපෑමක් සිදුව ඇත්තේ ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්, පලටිනේට්, උතුරු රයින් සහ වෙස්ට්ෆේලියා යන ප්‍රාන්තවලටයි.
නෙදර්ලන්තයට ද දරුණු බලපෑමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.