33 C
Colombo
Tuesday, April 16, 2024

පළමු වරට පාර්ලිමේන්තු සභාගර්භයේ දොරටු විවෘතව තබමින් විවාදය පවත්වයි

- Advertisement -

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට සභා ගර්භයට මන්ත්‍රීවරුන් ඇතුළු වන සියලු දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඊයේ (04) කටයුතු යොදනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායකගේ අවසරය ඇතිව සභා ගර්භයේ ද ආරක්ෂාවට අභියෝගයක් ඇති නොවන පරිදි හැකිතාක් වාතාශ්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත්‍රී ආලින්දයේ දෙපස පැති දොරද විවෘතව තැබූ බව ප්‍රනාන්දු මහතා කීවේය.

කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සදහා පියවර රැසක් ගනු ලැබූ බවද ඔහු කීය.

සභා ගර්භය තුළ වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමේදී පිටතින් වාතාශ්‍රය ලැබෙන පරිදි සිදු කළ බවද වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ අනතුර‍කින් එකම පවුලේ 7කට තුවාලයි

පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊට ළමයි 04 දෙනෙකුත් ඇතුළත් බවයි වාර්තා වන්නේ....

වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්

බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයෙකුට දැඩිලෙස පහරදී එහු මරා දැමීමට තැන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...