31 C
Colombo
Wednesday, March 29, 2023

සිංහරාජයේ දෙල්ගොඩ රක්ෂිතයේ අක්කර 143 කට හොර ඔප්පු හදලා

- Advertisement -

සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කරගත් පිරිසක් මහා පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වතාව ව්‍යාප්ත කරමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

මේ වනවිට අක්කර 10 කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක්කර ඇති අතර අක්කර 143ක් සඳහා ඔප්පු සකසා ගෙන මෙසේ එළි කිරිම් කරගෙන යන බව තමන් එම ප්‍රදේශයේ කළ සොයා බැලීම්වලදී හෙළිවී යැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු සජීව චාමිකර මහතා පවසනවා.

මෙම එළිකිරීම් ආරම්භ කර ඇති අක්කර දහයකට ආසන්න ප්‍රදේශය කුකුළේ ගඟ හා සම්බන්ද කුඩව ගගේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර පද්ධතිය යැයි ඔහු සදහන් කරනවා.

කලවානේ පදිංචිකරුවකු හා පානදුර මතුගම නුවර හා කොළඹ පදිංචිකරුවන් පිරිසක් මෙම ඔප්පු සකස්කරගෙන ඇති බවත් මෙකී වනාන්තරය සිංහරාජයට සම්බන්ධ කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පැවැතියදී මෙසේ අල්ලා ගැනීමට පියවර ගෙන ඇති බවත් චමිකර මහතා පවසනවා.

1988 අංක 3 දරන ජාතික උරුම වනභූමි පනතේ 2 වැනි වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වැනිදා අංක 528/14 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 11,187ක වනාන්තර ප්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම වනාන්තරයද එහි එක් කොටසක් වනවා.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වැනි වගන්තියට අනුව ප්‍රකාශිත 2019 නොවැම්බර් 20 වැනිදා අංක 2150/31 දරන ගැසට් නිවේදනය මගින් සිංහරාජ ජාතික වනභූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475ක් සිංහරාජ වනරක්ෂිතය ලෙස ප්‍රකාශයට පත්කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබාදී ඇති අතර මෙම වනාන්තර කොටසද ඊට අයත්.

මීට අමතරව මෙම රක්ෂිත ප්‍රදේශ ආවරණය වන භූමි ප්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වැනි වගන්තියට අනුව 2008 මැයි 22 වැනිදා අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවදානමක් පවතින කලාපයක් වීම හේතුවෙන්.

ඒ අනුව ජාතික පාරිසරික පනත ඇතුළු අණපනත් ගණනාවක් උල්ලංඝනය කරමින් මෙම වන විනාශය සිදුකරන බවත් එකී වන සංහාරය සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක අවසර නොමැති අතර ඔවුන් විසින් සකසා ඇති ඔප්පුද ව්‍යාජ ඒවා බව තමන් තහවුරු කර ගත් බවත් සජීව චාමිකර මහතා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...