29 C
Colombo
Saturday, July 27, 2024

හිටපු රාජ්‍ය ඇමති ජනපතිට රට කරන හැටි කියා දෙයි

- Advertisement -

විවිධ උපක්‍රම මගින් පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි දිනාගැනීමට පෙර ජනතාව දිනාගැනීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ජනතාව සහ ජාත්‍යන්තරය දිනාගැනීමට සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ.

ජනතාවට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමෙන් තොරව වෙනත් කිසිදු විසඳුමක් වර්තමාන අර්බුදයට නොමැති බවත් එම ආණ්ඩුව එක් දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් වීම ඵලදායි නොවන බවත් අලගියවන්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 යෝජනා ඉදිරිපත් කරමින් එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට හොඳ අවස්ථාවක් ලබාදුන් බවත් ඉතිහාසයේ මෙන්ම මෙවර ද ජනාධිපතිවරයා එම අවස්ථාව පැහැර හැරි බවත් අලගියවන්න මහතා පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුදය විසදීමට පෙර දේශපාලන අර්බුදයට විසඳුමක් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...