32 C
Colombo
Monday, January 20, 2025

කොවිඩ් නිසා දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී ජීවිතක්ෂයට

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත්වූ ඒ මහතා කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කන්තලේ මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අනතුරුව කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 80 ක්.

2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරි පත්වුණා.

කොවිඩ් හේතුවෙන් මියගිය දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන්නේ කේ. තුරෙයිරෙත්නසිංහම් මහතායි.

මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වන වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතාද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES