28.8 C
Colombo
Wednesday, March 26, 2025

නගර සභා කම්කරුවාගේ කණ පැලෙන්න ගහපු හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

- Advertisement -

මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව පැවසෙන එම නගර සභාවේ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ එම පහරදීමෙන් නගර සභා කම්කරුවාගේ කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බවත් එම තුවාල හේතුවෙන් ඔහුගේ කන ප්‍රදේශයට මැහුම් තුනක් යොදා තිබෙන බවයි .

නිසිලෙස වෙන්න නොකොට අවිධිමත් ලෙස පිරවූ කුණු මල්ලක් මහනුවර නගර සීමාවේ විලියම් ගොපල්ලව මාවතට වාහනයකින් පැමිණ බැහැර කළ අවස්ථාවේදී එම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කම්කරුවා ඊට විරෝධය දක්වා තිබෙනවා.

නිසි ලෙස කුණු වෙන්කොට රැගෙන එන ලෙස පවසමින් එම කුණු මල්ල නැවතත් හිටපු මන්ත්‍රීවරයාගේ රථයට දමා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඔහු පැමිණි මෝටර් රථයේ අංක තහඩුව ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා පහරදී ඇති බව පොලිසිය පවසනවා.

මෙම පහරදීමට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදහම්පොළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද (02) සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමටද පියවර ගෙන තිබෙනවා.‍

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES