28.9 C
Colombo
Thursday, March 27, 2025

සා.පෙළ සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට

- Advertisement -

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත්ව තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පෙනී සිට කුළුගම්මන ප්‍රදේශයේ එම සිසුවිය නවාතැන් ගැන සිටි නිවසට යමින් සිටියදී යටිහලගල හන්දියේදී පැහැරගෙන යාමට තැත් කර තිබෙන බව අලදෙණිය පොලිසිය පවසනවා.

සිද්ධිය වූ අවස්ථාවේ ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙක් පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ.

පසුව එම සිසුන් දෙදෙනා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබුණා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිසිය වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙකු මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු විවාහකයෙකු බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමග වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු වන මෙම පාසල් සිසුවියගේ සොහොයුරෙකුගේ නිවසට සැකකාර තරුණයා අවස්ථා කිහිපයකදී පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇතිවී තිබෙන බවයි සඳහන් වන්නේ.

සැකකරු විවාහක අයෙකු බවට අනාවරණය වීමත් සමග මෙම සිසුවිය ඔහුව අතහැර ඇති අතර සැකකරුගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් සිසුවියගේ මව්පියන් ඇයව මෙලෙස කුළුගම්මන ප්‍රදේශයේ නිවසක නතරකර තිබෙනවා.

එහි සිට ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට යළි නිවස බලා යමින් සිටියදී මෙලෙස සිසුවිය පැහැරගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙන්න