30 C
Colombo
Friday, May 17, 2024

පාසල් සිසුන් සිව් දෙනෙක් මත්කර අපයෝජනය කරලා

- Advertisement -

අලුත්ගම සංචාරක නිකෙතනයක අවස්ථා ගණනාවකදී අධික සැර මත්වතුර පානයට දී පාසල් සිසුන් සිව් දෙනෙක් අපයෝජනයට ලක්කර ඇති බව වාර්තා වනවා.

අලුත්ගම පොලීසිය කියා සිටියේ සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වයස අවුරුදු14, 15, 16 වයස් වල පසුවන සිසුන් සිව්දෙනෙක් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.

එම සිසුන් සිව් දෙනා අධ්‍යාපනය ලබන පන්ති භාර ගුරුවරුන් සහ විදුහල්පතිවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පාසල් සිසුන් සිව් දෙනා සහ සැකකරුවන් දෙදෙනා කලක පටන් මුහුණු පොත සහ ටික්ටෝක් යන සමාජ මාධ්‍ය මාර්ගයෙන් හඳුනාගෙන අවස්ථා ගණාවක අලුත්ගම ගඟබඩ පාරේ සංචාරක නිකේතනයක් තුලට ගෙන්වා ගෙන තිබෙනවා.

එහිදී සැර මත්පැන් පානය කිරීමට එම සිසුන්ට ලබාදී ඇති අතර පසුව සිසුන්ට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර ඇති බවයි සිද්ධියට මුහුණ දුන් සිසුන් පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

පාසල් විදුහල්පතිවරයා සහ ගුරුවරුන්ට මෙම සිසුන්ගේ යම් වෙනස්කම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

සිසුන්ගේ කරුණු විමසීමේදී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව සිද්ධියට සැකපිට 39 හැවිරිදි සහ 45 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් අලුත්ගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ දුරකථන පරික්ෂා කිරීමේදී එහි තිබු වීඩියෝ දර්ශනවල මෙම සිසුන් ඇති බවට පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඇති බව සඳහන්.

පොලිස් භාරයේ පසුවන සිසුන් හතර දෙනා අධිකරණ වෛද්‍ය පරික්ෂාවකට යොමු කිරීමට මේ වන විට කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලුතම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...