33 C
Colombo
Monday, May 6, 2024

බැංගලෝරයේ ඡන්ද දායකයන්ට නොමිලේ බියර්

- Advertisement -

අප්‍රේල් මස 19 වනදා සිට ජූනි 1 දා අතර සති හයක් පුරා පැවැත්වෙන ඉන්දියාවේ 2024 මහ මැතිවරණය වෙත මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ ඉන්දියාවේ බැංගලෝර් නගරයේ ඡන්ද දායකයින් හට නොමිලේ ආහාර පාන, මෙන්ම ප්‍රවාහන පහසුකම්ද සලසා දැමීමට එරට සමාගම් රැසක් කටයුතු කරන බවට පුවතක් වාර්තා වෙනවා.

කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි බැංගලෝර් නගරයේ ඡන්දය භාවිත කරන පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉතා අවම මට්ටමට පැවතීම හේතුවෙන් අදාළ සමාගම් විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, බැංගලෝරයේ හෝටල්, කුලී රථ සමාගම් සහ අනෙකුත් සේවා සැපයීමේ ආයතන එක්ව ඡන්දය ලබා දීම වෙනුවෙන් පුද්ගලයන් දිරිමත් කිරීම සඳහා විවිධ වරප්‍රසාද ලබා දෙන  බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

නොමිලේ ලබා දෙන බියර්, විශේෂ වට්ටම් සහිත කුලී රථ සේවා මෙන්ම නොමිලේ පවත්වන සෞඛ්‍ය පරීක්ෂණ ආදිය ඊට ඇතුළත්.

පාරිභෝගිකයින් විසින් ඡන්දය ලබා දුන් බවට සාක්ෂියක් වශයෙන් තීන්තවලින් පාට කරන ලද සිය ඇඟිල්ල පෙන් වූ විට ඇතැම් වෙළඳසැල්වලදී මෙලෙස නොමිලේ ආහාර පාන ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.

අදියර හතකින් යුත් ඉන්දීය මහ මැතිවරණයට අදාළව බැංගලෝරයේ  ඡන්දය ලබා ගැනීම අද (26) සිදු කෙරෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින්, ඡන්දය භාවිත කරන පුරවැසියන් හට නොමිලේ හෝ විශේෂ වට්ටම් සහිතව අවසර ලබා දෙන බවට කර්ණාටක ප්‍රාන්තයේ මහා අධිකරණය පසුගියදා (24) තීරණයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව, එක් එක් හෝටල් සහ ආහාර අලෙවි සැල් ඔවුන්ගේ කැමත්ත පරිදි,  කෝපි, තෝසේ, පලතුරු බීම ආදී ආහාර නොමිලේ හෝ වට්ටම් සහිතව ලබා දීමට සූදානමින් සිටිනවා.

එමෙන්ම, බැංගලෝරයේ ජනප්‍රිය විනෝද උද්‍යානයක් වන Wonderla , වට්ටම් සහිත මිල ගණන් යටතේ ඡන්දදායකයින්ට ප්‍රවේශපත්‍ර ලබා දීමටද තීරණය කර තිබෙනවා.

තවද, බැංගලෝරයේ ප්‍රසිද්ධ මත්පැන් අලෙවි සැලක් වන Deck of Brews, ඡන්දය ලබා දී පැමිණෙන පළමු පාරිභෝගිකයින් 50 දෙනාට නොමිලේ බියර් ලබා දෙන බවද වාර්තා වෙනවා.

2019 වසරේ පැවති අවසන් මහ මැතිවරණයේදී, 53.7%ක් වන කර්ණාටක ප්‍රාන්තයේ අඩුම ඡන්ද ප්‍රතිශය බැංගලෝරයේ දකුණු මැතිවරණ කොට්ඨාශය වාර්තා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...