31 C
Colombo
Monday, June 17, 2024
spot_img

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මිය ගිහින්

- Advertisement -

ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ සහ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවුණා.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවි තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

1970 වසරේ උපන් ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට් 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඔහු මීට පෙර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික හා අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ වැනි තනතුරු හොබවනු ලැබුවා.

ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික තනතුරුවලට වොෂින්ටනයේ එක්සත් ජනපදයේ ප්‍රංශ තානාපති කාර්යාලය (2012-2016) සහ බ්‍රසල්ස්හි නේටෝව වෙත ප්‍රංශ නිත්‍ය නියෝජනය ඇතුළත්.

ඔහු ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු ලෙසද කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා...

බදු එකතු කරන විදිය මම කරලා පෙන්වන්නම්-පාඨලි

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත්...

සභාපති ධූරයෙන් අස් වුණේ වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා – මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...