28.2 C
Colombo
Saturday, April 27, 2024

ප්‍රංශය තලේබාන් සංවිධානයට එරෙහිව පෙරට එයි

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය විසින් පනවන ලද හයවන ශ්‍රේණියට ඉහළ ගැහැණු ළමුන්ගේ පාසල් තහනමට ප්‍රතිචාර වශයෙන් ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තලේබාන් නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ සදහන් Tolo News වාර්තාවකට අනුව ප්‍රංශ පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 50කට වැඩි පිරිසක් ප්‍රංශ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු කථානායකවරයාට ලිපියක් යවමින්, පසුගිය වසරේ කාබුල් අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන් පාලකයන් ලබා දුන් මානව හිමිකම් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම වෙනුවෙන් තලේබාන් නිලධාරීන්ට සංචාරක සම්බාධක පනවන ලෙස ඉල්ලා තිබේ.

තලෙයිබාන් අධ්‍යාපන අමාත්‍යාංශය “සංස්කෘතික අභියෝග”වලට දොස් පවරමින්, ආර්ථික අර්බුදය සහ කාන්තා ගුරුවරුන්ගේ හිඟකම බාලිකා පාසල් නැවත විවෘත කිරීමේ ප්‍රමාදයට හේතු ලෙස ඉදිරිපත් කරන අතර පාසල් නැවත ඉක්මණින් විවෘත කරන බව ද පවසයි.

එහෙත් සැබෑ තත්වය එය නොවන අතර, ඇෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පුළුල් ලෙස වාර්තා වී ඇති අතර ගැහැණු දරුවන්ට පාසල් යාම අහිමි කිරීම, කාන්තාවන්ට රැකියා අහිමි කිරීම, කාන්තාවන්ට පිරිමි පුද්ගලයකු නොමැතිව ගමන් කිරීම තහනම් කිරීම සහ නිවසින් පිටවීම තහනම් කිරීම ඒ අතර ප්‍රධාන වේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...