33 C
Colombo
Friday, May 3, 2024

Friends කතා මාලාවෙන් ලොව පුරා ජනාදරයට පත් මැතිව් පෙරී මිය යයි

- Advertisement -

90 දශකයේදී අතිශය ජනාදරයට පත් “ෆ්‍රෙන්ඩ්ස්” නමැති ඇමරිකානු ප්‍රහසන කතා මාලාවේ ‘චැන්ඩ්ලර් බින්ග්’ගේ චරිතයට පණ පෙවූ, හොලිවුඩ් නළු මැතිව් පෙරී මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 54 වැනි වියෙහි පසු වුණා.

සෙනසුරාදා (28) මැතිව් පෙරී, සිය ලොස් ඇන්ජලීස් නිවසේ නාන තටාකයක ගිලී මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන TMZ වාර්තා කර තිබුණා.

පැය 2 ක් පමණ උදෑසන ව්‍යායාම සඳහා පිටතට ගොස් ඇති පෙරී පෙරවරුවේම යළිත් නිවසට පැමිණ ඇති අතර අනතුරුව ඔහුගේ සහයකයාව කිසියම් රාජකාරියක් සඳහා නිවසින් පිටත් කර තිබෙනවා.

පැය දෙකකින් පමණ අනතුරුව සහයකයා නැවත පැමිණි පසු මැතිව් නාන තටාකයක ගිලී ඇති බවත් ප්‍රතිචාර නොදක්වන බවත් දැක 911 අමතා සිදුවීම පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු අර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, පොලිසිය උපුටා දක්වමින් TMZ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඒ ආසන්න ස්ථානයක මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසිදු සැක කටයුතු ද්‍රව්‍යයක් හමු වී නොමැති බවයි.

1969 දී මැසචුසෙට්ස් හි උපත ලද පෙරී, කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ හැදී වැඩුණු අතර ඔහු යොවුන් වියේදී ටෙනිස් ක්‍රීඩකයෙකු වීමේ අපේක්ෂාවෙන් ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙනවා.

ටෙනිස් ක්‍රීඩකයෙකු වීමේ ඔහුගේ සිහිනය සැබෑ නොවූවත් 16 හැවිරිදි වියේදී ඔහුට ලද ආරාධනාවක් අනුව මැතිව් රංගනයට පිවිසෙනවා.

ඉන් අනතුරුව Boys Will Be Boys, Growing Pains වැනි ටෙලි කතා මාලාවල රඟපෑ ඔහු 1994 විකාශය වූ ෆ්‍රෙන්ඩ්ස් නම් ප්‍රහසන කතා මාලාව තුළින් ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වුණා.  

2002 වසරේදී  චැන්ඩ්ලර්ගේ චරිතය සඳහා මැතිව් පෙරී එමී සම්මානයකින්ද පිදුම් ලබා තිබෙනවා.   

1994-2000 වසර දක්වා විකාශය වූ ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව සඳහා තවමත් ලොව පුරා රසිකයන්ගේ ආදරය නොඅඩුව හිමි වෙනවා.

කෙසේවෙතත්, මැතිව් පෙරී රංගන ශිල්පියෙකු ලෙස අතිශය සාර්ථකත්වයට පත් වීමෙන් අනතුරුවත් වේදනා නාශක සහ මත් ද්‍රව්‍ය සඳහා ඔහු තුළ වූ ඇබ්බැහියත් සමඟ සටනක නියැලිමෙන් සිටි අතර ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර සඳහාද යොමුව තිබෙනවා.  

මත් ද්‍රව්‍ය සඳහා අධික ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් Friends කතා මාලාවේ වසර තුනක කාලයක රූගත කිරීම් සම්බන්ධයෙන් කිසිදු මතකයක් නොමැති බව ඔහු වරෙක බී.බී.සී රේඩියෝව හා පැවති සාකච්ඡාවකදී පවසා තිබුණා.

මත්ද්‍රව්‍ය සඳහා වූ ඇබ්බැහි වීමත් සමඟ ගත කළ කටුක කාල සීමාව සම්බන්ධයෙන් සිහිපත් වීම හේතුවෙන් තමා ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව යළි නැරඹීමෙන් වැළකී සිටි බවද මැතිව් පෙරී, Friends, Lovers, and the Big Terrible Thing නමැති ඔහුගේ මතක සටහන් එක් කළ කෘතියක සඳහන් කර තිබෙනවා.

“එහෙත්, කෙදිනක හෝ මම එය නැරඹීමට පටන් ගනීවි. ඒ, ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව පරම්පරා ගණනකම හදවත් ස්පර්ශ කර ඇති බව දැනගන්නට ලැබීම මට අතිශය සතුටුදායක හැඟීමක් වීම නිසා..”  

RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...