30 C
Colombo
Monday, March 20, 2023

G7 සමුළුව චීනයේ එක් තීරයක් එක් මාවතක් ඉලක්ක කරයි

- Advertisement -

මෙම වසරේ ජර්මනියේ පැවති G7 සමුළුව චීනයේ ගෝලීය බලපෑමට මුහුණ දීම සඳහා චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන (BRI) ඉලක්ක කර පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සමුළුවේ පළමු දිනයේ දී, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නව G7 මුලපිරීමක් නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන 600 ක් රැස් කිරීමට සැලසුම් කරන බව නිවේදනය කරනු ලැබීය.

එය ගෝලීය යටිතල පහසුකම් සහ ආයෝජන සඳහා හවුල්කාරිත්වය (PGII) ලෙස හැඳින්විමට ද කටයුතු කෙරිණ.

එය චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) වැඩසටහන හරහා චීනයේ ගෝලීය බලපෑමට ප්‍රතිරෝධය දැක්වීමේ උත්සාහයක් ලෙස හැදින්වේ.

නව G7 මුලපිරීම තුළ චීනයේ වර්ධනය වන යුධ ශක්තිය සහ ව්‍යාපාරික මෙහෙයුම් මැඩලීමේ අරමුණ සහිත බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සමුලුවේ පළමු දිනයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබිණ.

මෙම නව මුලපිරීම පසුගිය වසරේ G7 සමුළුවේදී හඳුන්වා දුන් වඩා හොඳ ලෝකයක් ගොඩනඟන්න ( Build Back Better World) වැඩසටහන තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙස ද හදුන්වා තිබේ.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.