28.4 C
Colombo
Friday, April 26, 2024

ගල්ලෑල්ලෙන් පැන්න රැඳවියන් 3ක් තවමත් නිදැල්ලේ

- Advertisement -

දෙසැම්බර් 31 දින පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත රැඳවියන් 5 දෙනා අතරින් තිදෙනෙක් තවදුරටත් අතුරුදන්ව ඇත.

රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ද පැතූ අතර මේ වන තෙක් අත්ඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ, පැන ගිය රැඳවියන් අතරින් දෙදෙනකු පමණි.

පැන ගිය ආසාදිත රැඳවියන් අතරින් තවදුරටත් අතුරුදන්ව සිටින්නේ පහත නම් සඳහන් රැඳවියන් තිදෙනායි.

1. දඹල්ලගේ බුද්ධික විමලරත්න – අවුරුදු 31යි

3. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි – අවුරුදු 26

5. පී.කේ. සුමිත් පුෂ්පකුමාර – අවුරුදු 36යි

පළා ගිය රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වේ නම්, පහත සඳහන් දුරකතන අංකවලට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මීට පෙර ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක පොළොන්නරුව – 071 8591233
හදිසි ඇමතුම් අංශය – 119

මේ අතර පැන ගිය ආසාදිත රැඳවියන් අතර සිටි 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් ‘ගැටයා’ නමැති රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී පෙරේදා (6) අත්අඩංගුවට ගැනිණ.

සැකකරු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුට විරුද්ධව නිරෝධායන නීතින් සහ බන්ධනාගාර ආඥා පනත යටතේ කටයුතු කරනු ඇති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රැඳවියාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

මොහු ද ප්‍රථමයෙන් නිරෝධායනයට යොමු කර පසුව නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී මොහු අදාළ පැන ගිය සැකකරු හඳුනාගෙන ඇති බවට වාර්තා වන බවත් බන්ධනාගාරයේදී ඇති වූ මිතුදමක් මත මොහුට රැකවරණය ලබා දෙන්නට ඇති බවට ත් පොලීසිය සැක පළ කරයි.

මේ අතර රැඳවියන් අතර සිටි 27 හැවිරිදි කොරෝනා ආසාදිත රැඳවියා මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණ.

අදාළ පළා ගිය රැඳවියන් ගල්ලෑල්ල සිට පොළොන්නරුව බස් නැවතුම්පොළට පැමිණ පසුව පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය බස් රථයකින් කුරුණෑගලට පැමිණ තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන් අනතුරුව පිරිස කුරුණෑගල සිට වෙනත් බස් රථ ඔස්සේ හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේ වෙනත් ප්‍රදේශවලට පලා යන්නට ඇති බවටයි.

මෙලෙස පසුගිය 31 වන දා අලුයම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගොස් තිබුණේ, මීගමු බන්ධනාගරයේ සිට ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ රැඳවියන් 5 දෙනෙකි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...