රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් පසුව ගාල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා කොවිඩ් 19 ආසාදිතයෙකු බවට සොයාගත් පසුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් වූ ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාට නිරෝධායනය වන ලෙසට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහතා දැනුම් දී තිබුනද නගරාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලිපියක් මගින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත දැනුම්දී ඇත්තේ නිරෝධායනයවීම පමණක් නොව PCR පරීක්ෂණයක් සිදුකිරීමද නගරාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි.
දැඩි වසංගත තත්ත්වයක් පවතින මෙම අවස්ථාවේ කොවිඩ් 19 වෛසය පාලනය කිරීමටනගරාධිපතිවරයා සහයෝගය නොදැක්වීම හා නිරෝධායන නීති රෙගුලාසිවලට අවනතව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට වහාම මැදිහත්වන ලෙසට අදාල ලිපිය මගින් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.
අදාල ලිපිය පහතින්,
