29 C
Colombo
Saturday, July 27, 2024

ගාමිණි ජයවික්‍රමගේ පුතා සජිත්ගෙන් ඉවත් වී රනිල්ට එකතුවෙලා

- Advertisement -

සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද (11) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.

ඒ අනුව අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරනු ලබනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම අනුව යමින් ඔහුගේ ඉදිරිකටයුතු සදහා සිය සංවිධාන ශක්තිය ලබාදීම අසංග පෙරේරා මහතාගේ අරමුණයි.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දැඩි ලෙස රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.
ගාමිණී ජයවික්‍රම පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙක් . කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්, 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවයක් ඉටුකළ ඔහුව අදටත් ජනතාව සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ හද පිරි ගෞරවයෙන්.

පසුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වය වෙනුවන් ද ගාමිණී ජයවික්‍ර පෙරේරා මහතා නොපිරි හෙලා වැඩ කටයුතු කල පුද්ගලයෙක්.

මෙවන් පසුබිමක සිය පියාගේ අඩිපාරේ යමින් අසංග ජයවික්‍රම මහතා කටුගම්පල ආසනයේ ජනතාවගේ අභිවුර්දිය වෙනුවෙන් කටයුතු කිරීමට සුදානමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...