25.2 C
Colombo
Tuesday, March 5, 2024

බඹර ප්‍රහාරයකින් ගම්පොළ උණුසුම් වෙයි

- Advertisement -

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේල්දෙල්තොටදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගලහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී ගම් වාසීන් හය දෙනකුටද මෙම බඹර ප්‍රහාරයට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මෙම පොලිස් කණ්ඩායම ගම්පොල සිට පල්ලේ දෙල්තොට දක්වා ජීප් රථයෙන් ගොස් එතැන් සිට පාගමනින් හමුදා සෙබළාගේ නිවස දක්වා යමින් සිටියදී ඇවිස්සී සිටි බඹර ගහනයකට මැදිව ඇති බවයි, වැඩිදුරටත් වාර්තා වනවා.

බඹරුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති මෙම පිරිස විවිධ පැති වලට දිවගොස් ගම්මානයේ තිබෙන නිවෙස් තුලට ඇතුලු වෙමින් බේරී ඇති මුත් ඒ වනවිටත් පිරිස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...