27.4 C
Colombo
Wednesday, June 7, 2023

අදානි පහළට විසිවෙයි

- Advertisement -

පසුගිය සතිය ආරම්භයේදී ලොව තෙවැනි ධනවතා ලෙස සැලකුණු ඉන්දියාවේ ගෞතම් අදානි එම සති අන්තය වන විට එම ලැයිස්තුවේ හත්වැනි ස්ථානයටත් මේ වන විට අටවන ස්ථානයටත් පත්ව ඇතැයි ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් සකස් කරන ලැයිස්තුව පවසනවා.

කෙසේ නමුත් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරන්නේ ඔහු මුල් 10 දෙනාගේ ලැයිස්තුවෙන් ද ඉවත් වනු ඇති බවයි

විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් පසුගිය බදාදා (25) සිදු කරන ලද අදානි සමූහයේ අක්වෙරළ මූල්‍ය වංචාවන් සහ අදානි සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින්ම සිදු වූ වෙළෙද පොළ කොටස් වටිනාකම් කඩා වැටීම මේ සදහා හේතුව වී තිබෙනවා.

ඒ අනුව අදාති සමූහයේ මවු සමාගම වන අදානි එන්ටප්‍රයිසස් ලිමිටඩ් සමාගමේ කොටස් වටිනාකම බදාදා දිනයේදී පැවැති රුපියල් 3388.00 සිට සිකුරාදා (27) දිනය වනවිට රුපියල් 2761.00ක් දක්වා පහත වැටී තිබුණි. ඒ අනුව දින දෙකක් තුළදී එම සමාගමේ කොටස් වටිනාකම් 20%කින් පහත වැටී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (26දා) යෙදී තිබුණු ඉන්දීය ප්නරජ දිනය නිමිත්තෙන් එදින කොටස් වෙළෙඳ පොළ වසා දමා තිබුණි. එසේම මෙම දින දෙක ඇතුළතදී අදානි සමූහයට අයත් තවත් ලැයිස්තුගත සමාගම් හතක කොටස් වටිනාකම් පහත වැටී තිබූ අතර, මේ හේතුවෙන් අදාති සමූහයට අහිමිවී තිබූ සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 50කට ආසන්න බවත් වාර්තා සඳහන් කර තිබුණි.

මෙහිදී සිකුරාදා දිනයේදී පමණක් අදානි එන්ටර්පයිසස් සමාගම 9%කින්ද, අදානි ට්‍රාන්ස්මීෂන් 19.47%කින්ද, අදාති ග්‍රීන් එනර්ජි 19.89%කින්ද, අදානි පවර් 5%කින් සහ අදාති පෝර්ට් සමාගම 13.8%කින්ද කොටස් වටිනාකම් පහළ බැස තිබුණි. මෙම තත්ත්වය පසුගිය සිකුරාදා දිනය වනවිට ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ Nifty 50 දර්ශකයත් 1%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටීමට හේතු විය.

මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට පසුගිය සෙනසුරාදා දිනය වනවිට අදානිගේ වත්කමද එක්සත් ජනපද ඩොලර් බිලියන 20කින් පහත වැටී තිබේ. ඒ අනුව සතිය ආරම්භයේදී ඩොලර් බිලියන 117ක් ව තිබූ අදාතිගේ වත්කම සිකුරාදා දිනයේදී ඩොලර් බිලියන 96ක් බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් ඔහු මෙලෙස ලොව ධනවතුන්ගේ ලැයිස්තුවෙහි ස්ථාන හතරක් පහතට වැටී ඇත. කෙසේ වෙතත් Hindenburg ආයතනයක් සිදුකළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදාති සමූහය පවසා තිබේ.

එසේම, එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදන බවත් අදාති සමූහය සඳහන් කරයි. මේ අතර ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙසද පාලක භාරතීය ජනතා පක්ෂය වෙත දැනුම් දී ඇත. ගෞතම් අදාති එරට වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ළගම ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික හිතවතෙකුද වෙයි.

විශේෂයෙන්ම අදාති සමුහය පසුගිය වසරේදී ඉන්දියාවේ අම්බුජා සිමෙන්ති සමාගමේ සහ ACC සිමෙන්ති සමාගම තුළ තිබූ ස්විට්සර්ලන්තයේ හොල්සිම් සමාගමට අයත් කොටස් අත්පත් කර ගැනීමේදී සිදු වූ බව කියන අක්වෙරළ ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. අදානි සිය දේශපාලන හිතවත්කම යොදා ගනිමින් මෙම වංචා සිදුකළ බව විපක්ෂයේ චෝදනාවයි.

අද වනවිට අදාති සමුහය වරාය, ගුවන් තොටුපොළ, පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව තවත් කර්මාන්ත රැසක් පුරාම සිය ආධිපත්‍ය පතුරුවා තිබේ. එහිදී ඉන්දියාවට අමතරව එම සමාගමේ මෙහෙයුම් ශ්‍රී ලංකාවද ඇතුළුව අසල්වැසි රාජ්‍යයන් රැසක් පුරාම ව්‍යාප්තව වී ඇත. ඔහුගේ ව්‍යාපාර ජාලයේ සිදු වූ කැපී පෙනෙන නැගී සිටීමත් සමගින්ම ආසන්ත කාලසීමාවේදී ඔහුගේ වත්කම් සීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු ආසියාවේ විශාලතම ධනවතා මෙන්ම ලෝකයේ තෙවැනි විශාලතම ධනවතා බවට පත්වීමද සිදුවිය.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...