25 C
Colombo
Monday, May 13, 2024

හත්දහසකට හිමිවු පොදු සමාව

- Advertisement -

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 7,156 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරනවා.

යුද හමුදා සාමාජිකයින් 7,143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවට වාර්තාවෙනවා.

ඊට අමතරව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර දැනට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්වීම සඳහා කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළා.

මෙම පොදු සමා කාලය මැයි මස 20 වැනි දින දක්වා ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...