31 C
Colombo
Friday, May 3, 2024

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

- Advertisement -

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

යුද්ධ හමුදාව පැවසුවේ, එම සාමාජිකයින්ට නීත්‍යානුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වීමට ලබන මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, තමන් අයත් වන රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට මෙම කාලය තුළ අවස්ථාව හිමි වනවා.

යුද්ධ හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක් මෙහිදි ඉදිරිපත් කළ යුතු බව යුද්ධ හමුදාව නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...