දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්බ කර තිබෙනවා.
මියයන විට ඔහු වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ අතර ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32වැනි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාද වෙනවා.