30 C
Colombo
Thursday, June 8, 2023

“වහාම එන්නත් ලබාදෙනු!” – බද්දේගම ජනතාව පාරට බසියි

- Advertisement -

ඇඟලුම් කම්හල් වලින් දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණයක් වාර්තාවීමත් සමඟ බද්දේගම දැඩි අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බව පවසමින් ඊයේ (01) එම ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

එහි දී විරෝධතාකරුවන් පැවසුවේ බද්දේගමට ලැබෙන්නට තිබී අහිමි කළ කොවිඩ් 19 එන්නත් එම ප්‍රදේශයේ ජනතාවට සහ ඇඟලුම් කම්හල් සේවකයින්ට වහාම ලබාදෙන ලෙසයි.

මෙහිදී නිහඬ විරෝධතාවයක නිරත වූ “බද්දෙගම අපි” සංවිධානය පෙන්වා දුන්නේ බද්දේගමට ලැබුණු එන්නත් ආපසු හරවා යවා ඇති බවත් එමෙන්ම, කොරෝනා එන්නත් පළමු වැනි මාත්‍රාව ලබාදී ඇත්තේද එක ග්‍රාමසේවා වසමකට බවත් ය.

මෙම විරෝධතා ව්‍යාපාරය ඊයේ පෙරවරුවේ ගාල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට පැවැති අතර විරෝධතාවය සදහා ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා.

එරන්ද ඉන්ද්‍රජිත් – බද්දේගම

RECENT ARTICLES - SINHALA

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු අනුමැතිය

සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. මේ අනුව අඩු පොලියට...

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...