29 C
Colombo
Saturday, July 27, 2024

බැසිල්ට වෙන ඇමතිකමක් දෙන්න..! – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අර්බුදයට විසඳුමක්

- Advertisement -

ආණ්ඩුවේ බොහෝ අර්බුදවලට හේතුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්‍රිය වීම හා බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි සියලු තීන්දු තීරණ ගැනීම බව නරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

ආණ්ඩුව ගෙන යා යුත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ කළමනාකාරීත්වය හා අධීක්ෂණය මත බවත්, බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති තනතුරින් ඉවත් කර සංවර්ධන කටයුතුවලට අදාල ඇමති ධුරයක් ලබාදිය යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව තවදුරටත් ජනතාවිරෝධී ලෙස කටයුතු කරන්නේ නම්, එදා පා ගමන් ගොස්, ආණ්ඩුව පිහිටවූ ආකාරයෙන්ම පාරට බැස ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

මේ වනවිට රටේ සියලු ජනතාවට ආණ්ඩු විරෝධයක් ඇති බවත්, සියලු‌ දෙනා ආණ්ඩුව පිළිබඳව දැඩි කළකිරීමෙන් පසුවන බවත් මුරුත්තෙට්ටුවේ හිමි සඳහන් කරනවා. කිසා ගෝතමියකට නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නැයි කිවූ අයුරින්ම හැකිනම් ආණ්ඩුව ගැන කළකිරුණු කිසිවෙක් නොමැති ගෙදරකින් හැකිනම් වතුරු වීදුරුවක් ගෙනෙන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද ආනන්ද හිමියන් ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් වන අතර ලබන 31 වැනිදා අභයාරාමයේදී පැවැත්වෙන සාකච්ඡාවකදී එහි ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා..

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...