28.9 C
Colombo
Thursday, March 27, 2025

බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව දෙන්න – සජිත්

- Advertisement -

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මෙලෙස ඉල්ලා සිටියේ, ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

“මත්පැන් බලපත්‍ර ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වෙනවා. මේ වගේ වැරදි ක්‍රියාවල නිරත නොවන බහුතරයක් මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. මත්පැන් බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අල්ලසක් වශයෙන් ලබාදෙනවා. අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි විදියට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුවෙනවා. ඒක ප්‍රසිද්ධ කරුණක්. මත්පැන් විකිණුම් ස්ථාන විධිමත් ආකාරයට නොපිහිටුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීම් පසුගිය කාලයේදී ඇතිවුණා. ආගමික ස්ථාන අවට මත්පැන් ස්ථාන පිහිටුවීම අද ජමරෙට ක්‍රියාත්මක වෙනවා. ඒක අද දේශපාලන සූදුවක් බවට පත්වෙලා. අපිට ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි.”

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES