31 C
Colombo
Wednesday, March 29, 2023

පූර්ව ඡන්ද ප්‍රකාශ අයිතිය දෙන්න – CMEV

- Advertisement -

පූර්ව ඡන්ද ප්‍රකාශන අයිතිය කඩිනමින් තහවුරු කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් නැවතත් ඉල්ලීමක් කළේ යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘නිව්ස් 19’ ට අද(8) පැවැසීය.

පසුගිය මැතිවරණයේ ප්‍රතිපල අනුව ලක්ෂ තිහක පමණ පිරිසකට පූර්ව ඡන්ද ප්‍රකාශන අවස්ථාව අවශ්‍ය බව මැනවින් පැහැදිලි වී යැයි ද ගජනායක මහතා කීවේය.

පූර්ව ජන්ද භාවිතය පිළිබඳව ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ වසර හතලිහකටත් වඩා පසුපසින් වන යැයි කී හෙතෙම සෑම මැතිවරණයකදීම පහසුකම් අවම වීම තුළ තම පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට නොහැකිවන පිරිස සංඛ්‍යාත්මකව විශාල යැයි අවධාරණය කළේය.

ජනමාධ්‍යවේදීන්, මැතිවරණ නිරීක්ෂකයන්, පෞද්ගලික ආරක්ෂක සේවයේ නිරත පිරිස්, කටුනායක -බියගම ප්‍රධාන ආයෝජන කලාපවල සේවයේ නියුතු තරුණියන්, මැතිවරණ දිනයේ ධිවර රැකියාවේ නිරත පිරිස් මෙන්ම රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන්, මැතිවරණ දිනයේ රෝහල්ගත පිරිස් හා අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත පිරිස් ආදී වශයෙන් විශාල පිරිසක් මේ අතර සිටින්නේ යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී භාවිත කරන ලද මුළු ජන්ද සංඛ්‍යාව 12,343,309 (ලක්ෂ 123ක්) වූ අතර මුළු ජන්ද හිමියන් සංඛ්‍යාව එවකට 16,263,885 (ලක්ෂ 162ක්) විය. ඒ අනුව විවිධ හේතු නිසා භාවිත නොකරන ලද ජන්ද සංඛ්‍යාව 3,920,576 (ලක්ෂ 39ක් ) විය.

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...