25 C
Colombo
Friday, March 29, 2024

පාරාදීසය නරකාදියක් කිරීම – පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්

- Advertisement -

1948 වර්ෂයේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම මහ පොළව සමඟ යුද්ධය ආරම්භ විය. අධිරාජ්වාදය නාමිකව යටත් විජිත රටවලින් ඉවත් වුවද ගෝලියකරණය හරහා පරිදියේ රටවල් කේන්ද්‍රයේ රටවලට ඇද බැඳ තබාගන්නා ක්‍රමවේදය දිගින් දිගටම අද දක්වාත් ක්රියාත්මක වෙමින් පවතී.නමුත් වසර 20 කට අධික ගෝලීයකරණ ඉතිහාසය තුල මනාව පෙන්වූ කාරණයක් නම් ගෝලීයකරණය තුල ලොව තිරසාර මාවතකට අවතීරණය කරනවා වෙනුවට පරිසර මාතාව හා මානව සමාජය විකෘති හා අස්තිරසාර භාවයකට පත් කිරීමයි.

උදාහරණයක් ලෙස ගංගා පහේ භූමිය ලෙස හඳුන්වන ඉන්දියාවේ පන්ජාබ් ප්රාන්තය පොහොසත් පරිසරයකට හිමිකම් කීවත්, නූතන අධිරාජ්යවාද ප්‍රතිඵලය ලෙස සතා සිව්පාවා නොමැති ජලය භූමිය දූෂණය වූ, ජනතාව දුගීබාවයට පාත්‍ර වූ භූමියක් බවට පරිවර්තනය වී තිබීමයි.

පන්ජාබ් ප්‍රදේශය තුල සෑම ජල මූලාශ්‍රයක්ම භාවිතයට ගත නොහැකි ලෙස දූෂණය වී ඇත. ආහාර සුරක්ෂිත තාවය අහිමි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බඩගින්නේ මියයන මිනිසුන් ඒ භූමියේ සිටිති.එලෙස ආසියාතික සහ මැද පෙරදිග රටවල්වල බෙදීමේ ප්‍රතිපලයක් ලෙස යුද ගැටුමි පවතින ආසියාතික හා මැද පෙරදිග රටවල් සදහා විකිණෙන ආයුද වලින් පමණක් යුරෝපා සංගමයට අයත් ඉතාලිය, ප්‍රංශය, ස්පාඥය පමණක් උපයන වාර්ෂික ආදායම රුපියල් බිලියන 60 වැඩිය. (Lotta Comiunist ,International Conference 31.01.2016 at Turin )

ගෝලියකරණයේ නිෂ්පාදනයක් ලෙස මිනිසුන් පෙර ජීවත් වූ ක්‍රමවේදය දුප්පත් වනචාරී ලෙස අර්ථකථනයීකරණ ලදි. ජීවත්වීමේ කලාව මුදල් බවට පරිවර්තනය කර පෙන්වීමටත් මානව සමාජයේ පොහොසත්කම ඇත්තේ මුදල් මත බව සමාජයේ තහවුරු කිරීම කරන ලදි.මානව සමාජයේ ගෝලීයකරණයට පෙර පරිසරයේ වටිනාකම්, ජෛව විවිධත්වය, ආහාර සුරක්ෂිතතාවය, බෙදාහදා ගැනීම, නිරෝගීකම පොහොසත්කම ලෙස සැලකූ මිනිසුන්ට ඒ සියල්ල පරදා පෙර නොවූවිරූ ලෙස මහපොලවේ සියලූ පොහොසත්කම් මුදල් බවට පරිවර්තනය කර ජීවත් වීම යනු මුදල් ඉපයීම යැයි ඉගැන්වූහ.‍

අද මෙම සමස්ථ පාරිසරික හා සාමාජීය අර්බුදයන්ගේ පදනම වනුයේ සියළුම වටිනාකම් මුදල් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයේ ප්රථිඵලයයි. මුදල් ඉපයීම ජීවත්වීමේ රටාව බවට පරිවර්තනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජයේ වෙන්ව පරිසර පද්ධතියේ වටිනාකම්ද මුදල් බවට පරිවර්ථනය කරමින් ඇත. මුදල විසින් මානව සමාජයේ පොහොසත් කමත්, ජෛව විවිධත්වයේ වටිනාකමත් උඳුරා ගනිමින් ඇත.නමුත් අප අවබෝධ කරගත යුත්තේ ජීවත්වීම යනු මුදල් ඉපයීම නොවන බවයි. මිනිසා පරිසරයේ කුඩා අංශුවකි. කෑදරකම විසින් සමස්ථ පරිසරයම විනාශ කරන ක්‍රමවේදයක් සකස් කර ඇත්තේ නූතන ආර්ථික හා සමාජීය ප්රභවයන් විසිනි.පාරිසරික ප්රශ්නය දේශපාලන හා ආර්ථික පදනමින් වෙන් වී නොමැත.

 උදාහරණයක් ලෙස ගසක් විසින් බීජ දහස් ගණනක් නිෂ්පාදනය කරනු ලබන අතර එම බීජ පරපුරෙන් පරපුරට ගෙනයනු ලබයි’ .ආහාර සංස්කෘතිය ආහාර සුරක්ෂණතාවය, ජෛව විවිධත්වයෙ නිරූමාණයන් ගෙනයනු ලැබියි. නමුත් දෙමුහුන් කරන ක්රියාවලිය තුල සමස්ථය විනාශකර බීජ වල අයිතිය පරිසරයෙන් හා ගොවියාගෙන් උදුරාගන බහුජාතික සමාගම් වෙත පවරාගනිමින් සිටි. නමුත් මෙවන් ක්රියාවන් තුල මානව සමාජයත් පරිසරයත් ආරක්ෂා වන්නේ නැත. ආරක්ෂා වන්නේ බහුජාතික සමාගම් වල ලාභය පමණි. ඒවා ලාභ ඉපයීම වෙනුවෙන් තවදුරටත් මානව සමාජයේ බැඳියාවත් පරිසරයේ සුන්දරත්වයත් රාජ්යය හා බහුජාතික සමාගම් එක්ව තවදුරටත් විනාශකර ගනු යනු ලබයි.

නමුත් අප අවබෝධ කරගත යුත්තේ ජෛව විවිධත්වය විසින් නිර්මාණය කරන පොහොසත්කම සුන්දරත්වය හා සුරක්ෂතතාවය මුදල් වලට නිරිමාණය කල නොහැකි බවයි. පසේ සාරවත් බව විසින් ඉඩම් වල පොහොසත්කම නිරිමාණය කරනවා වෙන්ම. පොහොසත් පරිසරය විසින් (ජෛව විවිධත්වය ඇති මානව සමාජය ද පොහොසත් හා සුරක්ෂණ ස්ථානයක් බවට පත් කරනු ලබයි)

නමුත් පාලකයන්ගේ මැදිහත් වීමෙන් කෘෂි ඉඩම් වල, පරිසරයේ හා සමාජයේ නිදහස බහුජාතික සමාගම් වෙත පවරා දීම නොකඩවාම සිදු කරනු ලබයි. එලෙස සිදුවීම සංවර්ධනය ලෙසද ඔහු අර්ථකථනය කරනු ලබයි.

කෘෂිකර්මයේ සංවර්ධනය විසින් අපගේ ආහාර ක්‍රමවේදය ආහාර නොමැති ක්‍රමවේදයක් බවට පරිවර්ථනය කර ඇත. ශ්රී ලංකාව තුල ආහාර නිෂ්පාදනයෙන් 90% සිදු කරන්නේ කුඩා ගොවි ජනතාව විසින්ය. හරිත විප්ලවය හරහා හඳුන්වා දුන් වහ සහ පොහොර දෙවන ලෝක යුද්ධයේ ප්රථිඵලයක් ලෙස සොබාදහමේ ගොවිතැනේ යෙදුණ ගොවියා මත පැටවුවා පමණක් නොව මානව සමාජයද රෝගීන් බවට පත්කරනු ලබයි.

ජාන වෙනස් කරන ලද ආහාර අනුභව කිරීමට මිනිසාට පෙළඹීම් කරන අතර දේශීයව නිෂ්පාදනය කල ධාන්ය, එළවළු, පළතුරු වෙනුවට ආහාර තාක්ෂණයෙන් දෙමුහුන් කල ආහාර හා ඒවායේ පේටන්ට් අයිතියත් බහුජාතික සමාගම්වල නිෂ්පාදනයක් ලෙස දැකගත හැකිය.

වෛරස් ලෙස හෝ බැක්ටීරිය ලෙස ශාකයකට ඇතුල් කරන ජාන මගින් නිෂ්පාදනය කරගන්නා ආහාර මිනිස් සිරුරට මෙන්ම පරිසරයටත් අහිතකර ලෙස බලපානු ලබයි. උදාහරණයක් ලෙස, DOLE කෙසෙල්, බටු, බඩඉරිඟු, සෝයා බෝංචි වැනි ඒක බෝග වගාවන් ලොව පුරා අක්කර මිලියන ගණන් වනාන්තර විනාශ කර ඇත .

එමෙන්ම දේශීයව නිෂ්පාදනය කරගන්නා ආහාර පෝෂණ ගුණයෙන් පොහොසත් අතර සෑම මිනිසෙකුටම එය ලබා ගැනීමේ හැකියාවක් ඇත. නමුත් ජාන විකෘතිතා කරන ලද ආහාර වල අයිතිය සමාගම සතු වන අතර ඒවා අධික මිළ ගනන් වලට විකුණනු ලබයි. උදාහරණයක් ලෙස (I Phone, I Pad) අයි ෆෝන්, අයි පෑඩ් මෙන්ම (I Dahl) අයි පරිප්පු මේ වනවිට සමාගම් විසින් නිෂ්පාදනය කරන අතර සෝයා බෝංචි වලට කහපාට මිශ්‍ර කර ගනිමින් නිෂ්පාදනය කරන අයි පරිප්පු නැමති ජාන විකෘති කරන ලද ආහාර අධික මිලකට විකුණනු ලබයි.

නමුත් මුදල් ඉපයීම වෙනුවෙන් පරිසරයට හා මානව සමාජයට කරන මෙම විනාශකාරී ව්යවසනය සාධාරණීයකරණය කරගැනීමද බහුජාතික සමාගම් මැදිහත් වීමෙන් සිදු කරනු ලබන අතර සියළු විනාශයන් සංවර්ධනය කියා නොසලකා හරිනු ලබයි.

නූතන රාජ්යයන් විසින් සංවර්ධනයේ දර්ශකයක් ලෙස (GDP) දළ දේශීය නිෂ්පාදනය ඉහළ යාම පෙන්වා දෙනු ලබයි. දළ දේශීය නිෂ්පාදනය යනු දෙවන ලෝක යුද්ධයෙ නිෂ්පාදනයකි.

විකිණීමේ හා මිලදී ගැනීම් වලින් තොර සංවර්ධනයක් නැතැයි දළ දේශීය නිෂ්පාදනය විසින් ඒත්තු ගන්වනු ලබයි. උදාහරණයක් ලෙස දළ දේශීය නිෂ්පාදනයට අනුව ඔබ විසින් යමක් නිෂ්පාදනය කර ඔබ විසින්ම එය භාවිතයට ගන්නේ නම් ඔබ විසින් නිෂ්පාදනය කර නොමැති ලෙස සලකනු ලබයි. (If you produce and if you consume it, it, you not produce) ගෙවත්තේ වගා කර ඔබ විසින්ම අනුභවයට ගන්නා සුරක්ෂිත ආහාර දළ දේශීය නිෂ්පාදනයේ දී මනින්නේ නැත. එයට හේතුව එහිදී ඔබගේ අවශ්යතාවය ඉටු වුවද වෙළඳපොළ ක්රමයේ අවශ්යතාවය ඉටු නොවනු නිසාය.

(GDP) දළ දේශීය නිෂ්පාදන තුළින් සංවර්ධනය මනින රටවල වඩා සුරක්ෂිත මානව සමාජය හෝ පරිසරය නොව වෙළඳපොල ක්රමයයි. (GDP) අගය ඉහළ යන සෑම වාරයක් පාසා පරිසරයේ ගුණාත්මක භාවයත් මානව සමාජයේ වටිනාකම සීඝ්ර ලෙස පහල බසිනු ලබයි. ඒ අනුව නූතන සංවර්ධනයේ සලකා බලන්නෙන වඩ වඩාත් ස්භාවික සම්පත් සුරාකමින් වෙළ,පොල ක්රමයට අනුව හැසිරෙන රටවල් සංවර්ධන රටවල් ලෙස හුවා දැක්වීමයි.

නමුත් සංවර්ධිතයැයි සැලකෙන දළ දේශීය නිෂ්පාදනය ඉහළ රටවල පවා පරිසරයත්, මානව සමාජයත් විනාශ වී වී ඇත. ආහාර නොමැති ජලය නොමැති ජෛව විවිධත්වය සිදී ගිය හිස් වූ බිමී පමණක් එම සංවර්ධනයෙන් ඉතිරි කර ඇත.

නමුත් අප දන්නා කාරණය නම් පරිසර පද්ධතියත් ජෛව විවිධත්වයත් මානව සමාජයේ ජීවිත රක්ෂණයක් සේ ක්රියා කරන අතර සංවර්ධනයත් සමග පරිසරයේ හා සමාජයේ සුරක්ෂිතභාවය වියැකී යනවා ඇත.

ගණිකා වෘත්තිය හා මත්ද්රව්ය වලට ඇබ්බැහි වීමත් එම වෙළඳාම නිසා එන ආදායමත් සංවර්ධනයේ මිනුම් දඬු ලෙස භාවිතයට ගන්නා අතර අවසානයේ සත්ව සංහතියෙත් මානව සංහතියෙත් විනාශයත් පමණක් ඉතිරි කරමින් බහුජාතක සමාගම් වලට ලාභය උපයා දීම හා පරිහුනු පරිසරයත් පිරිහුනු මිනුසිනුතු මෙම සංවර්ධන ප්රථිඵලයක් ලෙස ඉතිරි වනවා ඇත.

රවින්ද්ර කාරියවසම්

සොබාදහම පිළිබඳ අධ්යන මධ්යස්ථාන

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...