30 C
Colombo
Monday, May 29, 2023

හොඳ නවෝත්පාදන සමඟ ‘හොඳ ජීවිතයක්‘ වෙනුවෙන් GLX තවත් පුළුල් වෙයි

- Advertisement -

“හොඳ ජීවිතයක්” යන අරමුණ පෙරදැරි කරගනිමින් ආහාරපාන, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ සත්කාර ක්ෂේත්‍රය පාදක කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම නව ව්‍යාපාර සඳහා තාක්ෂණික සහාය ලබාදෙන Good Life X (GLX) ආයතනයේ නායකත්ව කණ්ඩායමට පසුගියදා නව සාමාජිකයින් දෙදෙනෙක් සම්බන්ධ වූහ. ඒ අනුව GLX නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී රන්දුලා ද සිල්වා සහ GLX වැඩසටහන් ප්‍රධානී ශෙනාලි ද සිල්වා යන අයට අමතරව, ක්‍රමෝපාය සංවර්ධන  සහ ආයෝජන උපදේශකයෙකු ලෙස ප්‍රකට ලෙස ආජ් වනිගරාජා සහ ආර්ථික විශ්ලේෂක සහ අන්තර්ජාතික සංවර්ධන උපදේශකවරයෙකු වන අනුෂ්ක විජේසිංහ යන අය ද පසුගියදා එහි නායකත්ව කණ්ඩායමට එක්වූහ.  මේ සියලු දෙනාගේ එකමුතුව තුළ සිය දෙවැනි අදියරේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට GLX මුල පුරා තිබේ.

වසර 2ක් තරම් කෙටි කාලයක් තුළදී සිය වැඩසටහන් සංකල්පය මනාව ක්‍රියාත්මක කරමින් සහ ජීවිතය පරිවර්තනය කරන්නාවූ අනාගතවාදී තිරසාර ව්‍යාපාර බිහිකිරීමට සමත් නවෝත්පාදන කළමනාකරණ ආයතනයක් ලෙස සිය ස්වාධීනත්වය ප්‍රකට කරමින් කටයුතු කිරීමට GLX සමත්ව සිටියි. එහි නායකත්ව මණ්ඩලයට ඇතුළු වුණු නව සාමාජිකයින්ගේ ශක්තිය ද සමඟ මෙම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත. විශේෂයෙන්ම දෙස් විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් තම ව්‍යාපාර කටයුතු වෙනස් කිරීමට, නිර්මාණශීලී කිරීමට උනන්දුවක් දක්වන පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතන සඳහා ද ඉදිරියේදී තම සහාය පිරිනැමීමට GLX සූදානම් ය.

ජර්මානු සංවර්ධන සහයෝගීතා ආයතනය හෙවත් GIZ සමඟ එකමුතුව 2019 වසරේදී ආරම්භ කරන ලද GLX ආයතනය, මුලදී නව ව්‍යාපාර 6ක් සමඟ එක්ව කටයුතු කළ අතර, එසේ තම සහාය පිරිනමන ලද නව ව්‍යාපාර සහ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව 45ක් දක්වා පුළුල් කිරීමට සමත්විය. ඒ විවිධ ව්‍යාපෘති වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නංවමිනි. ඒ අතුරින් GLX Accelerator සහ GLX Garage යන වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක වන අතර, තවත් ව්‍යාපෘති කිහිපයක් කොවිඩ් අර්බුදය හමුවේ, ඊට මුහුණදීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දිරිදීමේ අරමුණින් ආරම්භ කරන ලදී.

“මේ සෑම වැඩසටහනක් සඳහාම අපට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පැවැති විශාල ඉල්ලුමක් අපගේ සේවය හරහා සපුරාලන බව ඉන් හොඳින් පැහැදිලිවෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකාව, ජර්මනිය, නෙදර්ලන්තය, සිංගප්පූරුව, තායිලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල පුද්ගලයින්ගෙන් සහ සංවිධානවලින් සහයෝගීතා යෝජනා රැසක් GLX වෙත ඉදිරිපත්වී තිබෙනවා. ඒ හරහාත් අපගේ අනාගත දැක්ම පිළිබඳ ව්‍යාපාර, පදනම් සහ ආයෝජකයින් සතු උනන්දුව හොඳින් පැහැදිලියි“, යනුවෙන් රන්දුලා ද සිල්වා පැවසුවාය.

විචක්ෂණශීලී පාරිභෝගිකයින් අතර සාර්ථක සන්නාමයන් ලෙස ඉදිරියට යෑමට ව්‍යාපාර සඳහා අවශ්‍ය නවෝත්පාදනය හා ක්‍රියාශීලී මනස උදාකිරීමට GLX සමත්ව ඇති බව ආජ් විග්නරාජාගේ අදහස වී තිබේ. “තිරසාර ව්‍යාපාරවලට සිය පැවැත්ම හා බැඳුණු අරමුණ පහදා ගැනීමටත්, ඔවුන්ට දෙස් විදෙස් වෙළඳපොළ දිනාගැනීමට වුවමනා වන ප්‍රවීණතාව ලබාදීමටත් GLX සිදුකරන කාර්යභාරය පිළිබඳ මා තුළ ඇත්තේ විශාල පැහැදීමක්. ඒ නිසා මම දෙවරක් නොසිතාම GLX කණ්ඩායම හා එක්වීමට ලැබුණු ආරාධනය පිළිගත්තා“, යනුවෙන් ආජ් විග්නරාජා කියාසිටියේය.

මේ අතර අනුෂ්ක විජේසිංහ ප්‍රකාශ කරන ආකාරයට ඔහු GLX කණ්ඩායමට සම්බන්ධ වීමට පෙළඹවූ ප්‍රධානම කරුණ වන්නේ, ව්‍යාපාර මාදිලිය වෙනස් කරමින් ව්‍යාපාරයේ ලාභදායීතාව ඉහළ දැමීම මෙන්ම, ව්‍යාපාරවල පාරිසරික බලපෑම කෙරෙහි ධනාත්මක බලපෑමක් කිරීමට GLX සතු හැකියාවයි. “වර්තමානය වනවිට අපනයන වෙළඳපොළ තුළ අවධානයට ලක්වන එකම කාරණය වන්නේ භාණ්ඩයක මිල නොවෙයි. අදාළ භාණ්ඩය හා සේවාව හා බැඳුණු පාරිසරික සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිබඳවත් විදෙස් වෙළඳපොළ තුළ විශාල අවධානයක් යොමුවෙනවා. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි ඇතිවන සුවිශේෂීතාව ඉතා විශාලයි. අනෙක් අතට අද වනවිට පාරිභෝගිකයින් ඉතාම විමසිලිමත්. ඒ වගේම විවිධ රජයන් තම වෙළඳපොළ නියාමන කටයුතු දැඩි කරමින් සිටිනවා. මේ පසුබිම මත නව අවස්ථාව වගේම අභියෝගයක් උදා වනවා. GLX ව්‍යාපාර සඳහා සහාය වන්නේ මේ වාතාවරණය මතයි”, යනුවෙන් අනුෂ්ක විජේසිංහ පැවසීය.

“GLX ආයතනය විදිහට අපගේ කාර්යභාරය තුළ අංශ 3ක් ඔස්සේ විහිදුණු විභවතාවක් පවතින බව අපගේ විශ්වාසයයි“, යනුවෙන් රන්දුලා ද සිල්වා පැවසුවාය. “පළමුව, ශ්‍රී ලංකාව සතුව ඊට ආවේණික වූ සහ සාම්ප්‍රදායික උරුමයක් පවතින අතර, තවමත් භාවිතයට නොගත් ස්වභාවික සම්පත් රාශියක් පවතිනවා. දෙවනුව ශ්‍රී ලාංකික තාක්ෂණික ව්‍යවසායකයින් කෙරෙහි ඇති ගෝලීය ඉල්ලුම සහ වැඩිදියුණු වෙමින් පවතින නවෝත්පාදන ක්ෂේත්‍රයත්, තෙවනුව ගෝලීය මනසක් සහිත සවිඥානික පාරිභෝගිකයිනුත් කෙරෙහි අපේ අවධානය යොමුවෙනවා. මේ තත්ත්වයන් උඩ සහ විශේෂයෙන්ම ගෙවුණු දෙවසරක සාර්ථකත්වය මත, ගෝලීය අවකාශයන් දිනාගැනීමට සහ දේශීය හුරුවකින් යුතු ව්‍යාපාර සඳහා සහාය වීමට අපට හැකිවී තිබෙනවා”, යනුවෙන් ඇය වැඩිදුරටත් විස්තර කළාය.

මේ අතර GLX  වැඩසටහන් ප්‍රධානී ශෙනාලි, “නව ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය දැක්වීමට අමතරව, තම ව්‍යාපාරයේ ඉදිරිය ගැන සිතන රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර කරාත් ඔවුන්ටම අනන්‍ය වූ ව්‍යාපාර විසඳුම් සැපයීමේ හැකියාව අප සතුයි. විශේෂයෙන්ම නව ව්‍යාපාර මාදිලි සහ ආකල්ප ඔස්සේ ගමන් කිරීමට උනන්දුවක් දක්වන ආයතනයක් ලෙස GLX,  අවබෝධයෙන් යුතු නව අත්හදාබැලීම් සහ ආයෝජන සමගින් ව්‍යාපාරවලට සාර්ථකත්වය කරා මඟ පෙන්වීමට සූදානම්”, යැයි පැවසුවාය.

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.