26 C
Colombo
Sunday, March 26, 2023

“කොළඹටම නොපැමිණ ළඟම පාසැලට යන්න” – සිසුන්ට හා ගුරුවරුන්ට ඉල්ලීමක්

- Advertisement -

පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, සියළු සාමාන්‍ය පෙල දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව තමන් අධ්‍යාපනය ලබන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසැලට ඇතුලත් වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටින්නේ එලෙස ළඟම පාසැලෙන් අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් වේ නම් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දීමට සූදානම් බවයි. ගුරුවරුන්ට ද පළාත් අතර ගමනාගමනයෙන් තොරව ළඟම ඇති පාසැලට ගොස් දරුවන්ට ඉගැන්වීමට අවසර ලබා දීමට තීරණය කල බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල් විවෘත කිරීමට ගත් තීරණය ඉතා අසීරු එකක් වූ බවයි. එබැවින් එහි සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියළු දෙනාගේ සහය අවශ්‍ය බවද මෙහිදී අවධාරණ කෙරුණා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසැල් ඊයේ සිට යළි විවෘත කෙරුණා ඒ, මාස 03 කටත් අධික කාලයකට පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක් එහිදී විවෘත වූ අතර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වූ සිසු දරු දැරියන් සංඛ්‍යාව 73,319 ක්. 

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...