29 C
Colombo
Saturday, July 27, 2024

මාස්ක් දාන්න දෙවියොත් වැඩලා (වීඩියෝ)

- Advertisement -

මේ වන විට කොවිඩ් අර්බුදයේ පතුලේ ගිලී සිටින ඉන්දියාව පිළිබදව මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඊයේ දිනයේ පමණක් ඉන්දියාවේ කොවිඩ් මරණ 2000 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ සෞඛ්‍ය පුරුදු ඉතාමත් අඩුවශයෙන් ක්‍රියාත්මක වන අතර ග්‍රාමීය ජනතාව තවමත් කොවිඩ් වසංගතයේ බරපතලකම තේරුම් නොගැනීමද මීට හේතුවක් ලෙස දැක්වෙනවා.

මේ අතර ඉන්දියාවේ බැංගලෝර් නගරයේ හින්දු බැතිමතුන් ‘රාම් නවාමී’ සැණකෙළිය සමරද්දී, ඊට සමගාමීව, කොවිඩ් වසංගතයෙන් බේරීමේ යහපත් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් බැංගලෝර් වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා හින්දු වැසියන් දේවත්වයෙන් සලකන දේව චරිත, බැංගලෝර් වීදි සංචාරය කරමින්, මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සහ මුහුණු ආවරණ නොමැති පුද්ගලයන්ට මුහුණු ආවරණ බෙදාදෙමින් කටයුතු කරන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

රාමායණයේ එන වීර චරිත වන රාමා, සීතා, ලක්ෂ්මණ් සහ හනුමන් ආකාරයෙන් සැරසුණු ජනතාවට සෞඛ්‍ය පුරුදු මෙන්ම මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවය දැනුවත් කරන වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...