30 C
Colombo
Monday, May 29, 2023

පිළිකාවෙන් බේරෙන්න 2% අවස්ථාවක් තියාගෙන එක රැයෙන් ලෝකෙම හොල්ලපු සුන්දර ජේන්

- Advertisement -

ඇය ජේන්… වයස අවුරුදු 30

පසුගිය දිනක ලෝක ප්‍රසිද්ධ AGT එහෙම නැත්නම් America’s Got Talent තරඟාවලියට පැමිණි ඇය වේදිකාවට ගොඩවන්නේ ඉතා සුන්දර සිනහවකින් මුව සරසාගෙන… කිරිල්ලියක සේ ඇය වේදිකාව මත නිදහසේ මුඛරි ලෙස විනිශ්චය මණ්ඩලය සමඟ කතා බහ කරනවා… සැබවින්ම ඇය සුන්දරයි.ඒ සුන්දරත්වය අව්‍යාජ බවේ කැඩපතයි.
ඔබ අද පැමිණියේ කා සමඟද ? යැයි විනිශ්චය මණ්ඩලය විමසූ කළ ඇය හරිම ලස්සනට සිනහා වී කියනවා මා පැමිණියේ මා සමඟින් ” my self “
එනම් තරඟ වේදිකාවේ ඇය වෙනුවෙන් අත්පොළසන් දී දිරිමත් කරන්නටවත් ඇය හා කිසිවෙකු නොමැති බවයි…
අද රාත්‍රියේ ගයන ගීතය ගැන විමසන විට ඇය කියනවා ඇයගේම ගී පද පෙළක් ගයන බව. ඒ ඇයගේ ජීවිතයේ පසුගිය වසරේ කතාව බව ඇය පවසනවා..
ඇගෙන් විමසනවා වෘත්තීය පිළිබඳව…
ඉතින් ඇය ඇගේ කතාව ඉතා සැහැල්ලුවෙන් කියනවා..

ඇය වසරක් පුරා රැකියාවක් නොකළ බවත් ඊට හේතුව ඇය පිළිකා රෝගයෙන් පෙළෙන නිසා බවත්..
සංවේදී වන විනිශ්චය මණ්ඩලය ඇයගෙන් සමාව ඉල්ලා සිටිනවා..
නමුත් ඇය නැවතත් සුපුරුදු අව්‍යාජ සිනහවෙන් පිළිතුරු දෙනවා.. ” No….It’s ok” ” I’M ok “
ඇයගේ ඒ වදන් තුළ ඇය සතු ශක්තිය ඇය ජීවිතය හමුවේ ඇති අතිවිශාල අභියෝග හමුවේ ඒවාට මුහුණ දෙන ආකාරය සහ ඇය අභියෝගවලට අභියෝග කිරීමට ඈ සතු ශක්තිය කියාපානවා..
ඇයගේ වර්තමාන තත්ත්වය ගැන විමසන කළ ඇය කියා සිටින්නේ ඇය පෙනහළු , අක්මාව සහ කශේරුකාව ආශ්‍රිතව පිළිකාව වර්ධනය වී ඇති බවයි.
විනිශ්චය මණ්ඩලය ඇයගේ සුන්දරත්වය මිනිස් සිත සනහන සුන්දර සිනහව මෙන්ම ඇයගේ ප්‍රභාව අගය කරනවා..
ඇය ඒ ඇගයීම් ඉතා අවංකව සුපුරුදු අව්‍යාජ සිනහවෙන් බාර ගන්නවා…
ඇය කියනවා..
ජීවිතයේ වෙන්නේ හොඳම දේ වෙන්නෙ..ඒ ඇය විශ්වාස කරන ඇය ධෛර්යමත් කරන ස්වයං උත්තේජනයයි…
ඇය වේදිකාව මත ජීවිතයේ සිදුවන සෑම අභියෝගක්ම
It’s oky……ඒකට කමක් නෑ…. ලෙසින් බාර ගන්නා බව ලයාන්විතව කියනවා..ඇය NightBirde යන අන්වර්ථ නාමයෙන් වේදිකාවට පිවිස සැබෑම රාත්‍රීයේ ගී කිරිල්ලියක සේ ඇගේ කතාව ගයනවා.. It’s ok.. It’s ok….It’s ok….

I moved to California in the summertime
I changed my name thinking that it would change my mind
I thought that all my problems, they would stay behind
I was a stick of dynamite and it just was a matter of time, yeah
Oh dang, oh my, now I can’t hide
Said I knew myself but I guess I lied
It’s ok, it’s ok, it’s ok, it’s ok
If you’re lost
We’re all a little lost and it’s alright
It’s ok, it’s ok, it’s ok, it’s ok
If you’re lost
We’re all a little lost and it’s alright
(It’s alright, it’s alright)
It’s alright, it’s alright
I wrote a hundred pages but I burned ‘em all (Uh I, I burned ‘em all)
I blow through yellow lights and don’t look back at all (Uh, I don’t look back at all)
Yeah, you can call me reckless, I’m a cannonball (Uh, I’m a cannonball)
Don’t know why I take the tightrope and cry when I fall

ඇත්තටම ඒ ගැයුම මධුරයි… ඊටත් වඩා තනුවට පද පෙළට එහා ගිය අභ්‍යන්තරයේ සැඟවුණු ඇයගේ ශක්තිය ලොවට හඬගා කියන බව මා හට සෑම වචනයක් පාසා හැඟී ගියා..
ගීතය අවසානයේ සියල්ලන්ගේම නෙත්වලින් කඳුළු කැට කඩා හැලෙනවා.. සියල්ලෝම අසුන්වලින් නැගිට ඇයට අත්පොළසන් දෙනවා.. ඇය තවමත් ඒ සුන්දර සිනහවෙන් මුව සරසාගෙන ඒ ප්‍රශංසා අව්‍යාජව විඳිනවා…
අවසානයේ ඇය මෙම තරඟාවලියේ කලාතුරකින් ලබන Gold Buzzer ජයග්‍රහණය කරනවා.. ඒ මොහොතේ ඇය විඳින සතුට ඇසේ රැඳි කඳුලු කැට කියාපානවා..වේදිකාව මත වැටී ඇය ඒ සතුට විඳිනවා..

ඇය කියනවා… මගේ ජීවිතේ බේරෙන්න 2% ක අවස්ථාවක් තියෙනවා.2%කියන්නේ 0% නෙවෙයි…ඉතිං 2% තුළ යමක් තියෙනවා කියලා..ඇය බලාපොරොත්තු අත් හැර නොමැත.. 2% සම්භාවිතාවය ඇය ජීවත් වීමට ශක්තිය මෙන්ම බලාපොරොත්තුවයි
අවසානයේ තනිවම වේදිකාවට පැමිණි ඇය විශාල ජයග්‍රහණයක් ලබා වේදිකාවෙන් බැස යන්නේ හිස් අතින් නම් නෙමෙයි සුවිසල් වේදිකාවක Golden buzzer ජයග්‍රහණය කර ලොවක් වසඟයට පත් කර ලොවක් සංවේදී කර ලොවටම ආදර්ශයක් සැපයූ දෛවයට අභියෝග කරමින් ජීවිතයට අභියෝග කරමින් නැගී සිටි ධැවන්ත වෘක්ෂයක් ලෙසිනි.
ඇය ලොවට දුන් පාඩම් නම් බොහෝමයි.
තනිවම පිළිකාවක් සමඟ ජීවිතය එක්ක සටන් කරමින් මෙවන් සුවිසල් ජයග්‍රහණයක් ලබන්නට ඇය සතු ශක්තිය අසීමිත විය යුතුමයි.

පුංචි හේතුවලටත් බෑ බෑ කියන අපේ මිනිසුන්ට ජේන් කදිම ආදර්ශයක්…
එවගේම තමයි දහසකුත් අභියෝග ප්‍රශ්න සහ දුකක් හිතේ තියාගෙන ගිණිකන්දක් වගේ ඒ සියල්ල දරා ගනිමින් එතරම ලස්සනට අව්‍යාජ ලෙස සිනහා වෙන්න කාටද පුළුවන්… ඒ සිනහවම ඇති දැවෙන සිත් සුවපත් කරන්න.. ජීවිතය කඩා වැටුණු සිත් සනහාලමින් දිරියෙන් නැගී සිටින්න…තමා සතු අසීමිත ශක්තිය පමණක්ම විශ්වාස කරමින් දෙපා වාරු ගෙන ජීවිතය දිනන්න… ඇය සැපයූ ආදර්ශය අපූරුයි…

ඉතිං ආදරණීය NightBirde ජේන්
ලොවක් සුවපත් කළ ඒ සිනහවා බොහෝ කාලය ඔබේ මුවේ රැදේවා…
අභියෝග පරදා සුවපත්ව ලොව දිනන්නට ලැබේවා…
ඇයගේ ගීතය හා එම වැඩසටහන නරඹන්න… උගත හැකි දෑ බොහෝයි…

– තර්ෂිකා මදුෂානි රත්නසිරි –

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.