25 C
Colombo
Sunday, April 14, 2024

IMF වෙතින් සුභ පණිවිඩයක්..!

- Advertisement -

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රදානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඩොලර් බිලියන 3ක් ඉල්ලා සිටින බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර යම් එකඟතාවක් ඇති වී තිබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී අද කියා සිටියා.

කෙසේ නමුත් ඉදිරි පැය 12 තුළ මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට රජය අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...