29 C
Colombo
Thursday, July 17, 2025

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

- Advertisement -

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“වාහන ආනයනය කිරීම සම්බන්ධව… අපිට රටේ ඇති වුණ ප්‍රශ්නය විසඳගන්න, එක ඩොලර් එකක්වත් අපි ළඟ නැති තත්ත්වයකට පත් වුණානේ. ඒ නිසා අපිට ආනයනයන් දෙදාහක් නවත්තන්න වුණා. එච්එස් කෝඩ් 2000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි දැන් අනිත් සියල්ලම විවෘත කළා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්.”

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES