පෙර පාසැල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 2,500ක දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.
පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව සඳහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර තිබුණා.
මේ වනවිට දිවයිනේ පෙර පාසල් ගුරුවරුන් ලෙස 34,000ක් පමණ පිරිසක් කටයුතු කරනු ලබනවා.