28.8 C
Colombo
Wednesday, March 26, 2025

9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ට සුබ ආරංචියක්

- Advertisement -

පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න මහතා සඳහන් කළේ, කොළඹ හා තදාසන්න පාසල් 11ක මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

නියමු ව්‍යාපෘතිය වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත ආයතන 13ක් සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙය විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් කාලය තුළදී හා ඉල්ලීම අනුව පාසල් කාලයෙන් පසුව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න මහතා තවදුරටත් සඳහන් කරනවා.

විදුලි යතුරුපැදි නඩත්තුව සහ ඒ ආශ්‍රිත නඩත්තු කටයුතු, ගෘහස්ථ විදුලි පරිපථ, බලශක්ති කළමනාකරණය, හෝටල්, රූපලාවන්‍ය, ගොඩනැගිලි පින්තාරු ක්ෂේත්‍රය ඇතුළු වැඩසටහන් මෙම ව්‍යාපෘතියට ඇතුළත්.

මෙම වැඩසටහන සඳහා සහභාගි වෙන සිසුන් සඳහා සහතිකයක් ද ලබාදීමට නියමිතයි.

ඉදිරියේදී NVQ 3 වන මට්ටමේ සහතිකයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න මහතා පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES