32 C
Colombo
Friday, March 31, 2023

තායිලන්තයේ වියදම වැඩියි. ගෝඨාභය සති දෙකකින් දිවයිනට – රොයිටර්ස්

- Advertisement -

ජූලි 09 වනදා ඇතිවූ මහජන විරෝධය සමගින් මෙරටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන සති දෙක තුළ යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ මූලාශ්‍රයක් රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ තායිලන්තයේ වියදම් අධිකවීම ගෝඨාභය රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එක් හේතුවක් බවයි.

අද (24) දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට පෙර මාධ්‍ය වෙත සඳහන් කළා.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් වන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ පැමිණීම කල්දමා තිබෙනවා.

ඔහුට යළිත් දිවයිනට පැමිණීමට අවශ්‍ය වුවද ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටළුව හේතුවෙන් පැමිණීම ප්‍රමාද කරන ලෙස මෙරට බුද්ධි අංශ උපදෙස් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පෞද්ගලික ජෙට් යානයක්, ජනාධිපති මන්දිරයක් සහ පැය 24 පුරාම ආරක්ෂාව සඳහා මේ වන විට රුපියල් මිලියන ගණනක් ගෝඨාභය රාජපක්ෂ මහතා වියදම් කරමින් සිටින බවට ඔහුට සමීප පුද්ගලයෙක් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

රාජපක්ෂ පවුලට සමීප තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ අදාළ වියදම් බොහෝදුරට ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු විසින් දරනු ලබන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂගේ නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සඳහා පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණීමේ කිසිදු සැලසුමක් ගැන තමා දැනුවත් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

රාජපක්ෂට එරෙහි ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ඉදිරියට යන බවද ඔහු රොයිටර්ස් පුවත් සේවය සමග සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...