26 C
Colombo
Sunday, March 26, 2023

ගෝඨාභයගේ යුද අපරාධ කොමිසම කූට විහිළුවක් – ගෝලීය දෙමළ සංසදය

- Advertisement -

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිදුවී ඇතැයි පැවසෙන යුද අපරාධ හෝ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ ඇති නව ස්වාධීන කොමිසම කූට විහි`ඵවක් යැයි ගෝලීය දෙමළ සංසදය පවසයි.

යුද්ධය අවසන් වූ දා පටන් මේ දක්වා අඩු තරමින් කොමිසම් තුනක්වත් පත් කර ඇති නමුත් මානව හිමිකම් කවුන්සිලය හඳුනාගෙන ඇති ප්‍රධාන කාරනා ආමන්ත්‍රණය කිරීමකින් තොරව තමන්ගේම නිර්දේශ නැවත සමාලෝචනය කිරීමට කටයුතු කිරීම හාස්‍යජනක කරුණක් යැයි ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් බී.බී.සී සිංහල සේවයට පවසා ඇත.

කොමිසමක් ලෙසින් හඳුන්වන එවැනි හාස්‍යජනක කූට දෙයක් රටවල් ඒකරාශි වී පිහිටුවාගත් යුක්තිගරුක ආයතනයක් නොපිළිගනු ඇතැයි පවසා ඇති හෙතෙම යුද අපරාධ යැයි චෝදනා එල්ල වී ඇති ඇතැම් ක්‍රියා සඳහා අණදීමේ වගකීම් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මත එවකට පැවරී තිබියදී වින්දිතයන් ඔවුන්ගෙන්ම යුක්තිය බලාපොරොත්තු වෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව යුක්තිගරුක බැවින් රටේ සෑම මිනිසෙකුටම සාක්ෂි සහිතව සත්‍යය පැවසිය යුතු යැයි ද එකිනෙකාට ගරු කරන සාමකාමී සමාජයක් බිහිකළ හැක්කේ එමගින් පමණකැයි ද සුරෙන්දිරන් මහතා පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...