29 C
Colombo
Thursday, June 8, 2023

අත්‍යාවශ්‍ය ඖෂධ 60 ක මිල 10% කින් වැඩිකිරීමට රජයෙන් අවසර

- Advertisement -

අත්‍යාවශ්‍ය හා බහුලව භාවිතාවට ගන්නා ඖෂධ 60 ක මිල ආසන්න වශයෙන් 10% කින් පමණ මිල ඉහළ දැමීමට රජයෙන් අවසර හිමිව තිබෙනවා.

ඒ අනුව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් 2015 අංක 05 දරණ ගැසට් පත්‍රයේ සදහන් උපරිම සිල්ලර මිල සීමා ඉවත්කොට මෙම නව මිල ගණන් සදහන් කර ඇත.

එම නව සංශෝධනයට අනුව පැරසිටමෝල්, ඇස්පිරින්, ඇමොක්සිලින්, සැල්බියුටමෝල්, ඔමෙප්‍රසෝල්, ඉන්සියුලින්, ක්ලැරිතොමයිසින්, ලොසාටන් පොටෑසියම්, තයිරොක්සින්, ඩයික්ලොෆෙනැක් සෝඩියම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ඉහළ දමා තිබෙනවා.

මීට අමතරව වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර සදහන් කර තිබූ 2019 මාර්තු 15 අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කර වෛද්‍ය උපකරණවලද උපරිම සිල්ලර මිල ඉහළ දැමීමට අවසර ලබාදී ඇත.

වෛද්‍ය උපකරණවල සංශෝධිත උපරිම සිල්ලර මිල සදහන් ගැසට් පත්‍රය පහතින්,

මීට පෙර ඖෂධ හා වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල සදහන් ගැසට් පත්‍ර පහතින් බාගත කළ හැක

RECENT ARTICLES - SINHALA

ඉන්ධන වෙළෙඳපොලට එන අලුත්ම සමාගම මෙන්න

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා මෙරට රජය R.M. Parks Inc. සහ ෂෙල් සමාගම සමඟ දිගු කාලීනව ගිවිසුමට අත්සන් තබා...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...