ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි කොවිඩ් 19 රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය ඔක්සිජන් දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් යුත් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් අක්කර 25 ක භූමියක් ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබා දීමට ගිවිසුම්ගතවීම ඊයේ (02) දින සිදුවන ලදී.
රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකමට යටත්ව ඒ සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රු.මිලියන 500 ක මුදලක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එම කාර්යාලයේදී ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභපති මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්. සොයිසා මහතා හා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී සේනාධීර මහත්මිය ඇතුළු නිළධාරීන් මෙන්ම ලිට්රෝ ගෑස් ලංකා සමාගයම් සභාපති ඇතුළු නිළධාරීන් සහභාගී විය.

