27 C
Colombo
Saturday, June 10, 2023

ආණ්ඩුවේ ලබ්බ සහ අපේ පුහුල – වෛද්‍ය නිලංග සමරසිංහ

- Advertisement -

ගෝඨාභය ආණ්ඩුව කොරෝනා වසංගතය මැඩලීම සදහා කල දේවල් අනන්තය,අප්‍රමාණය.
කොතරම්ද කියනවානම් වරක් ආණ්ඩුවේම රාජ්‍ය ඇමතිවරයෙකු වෙන නාලක ගොඩහේවාගේ හිමිකාරිත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු සමීක්ෂණ සමාගමක් ශ්‍රී ලංකාව කෝවිඩ් හොදින්ම පාලනය කල රටවල් අතර දෙවෙනියාට තෝරන ලදී.
එය වැරදි තොරතුරක් බව කීවේ ජනාදිපතිවරයාමය.
ඔහු කීවේ ඔහු දෙක නොව එක බවය.
ජාතිය අමතමින් ප්‍රකාශයක් කල ගෝඨාභය “සමහරු සිංගප්පුරුව, වියට්නාමය, නවසීලන්තය කරපු හැටි කියවනවා, කවුරුවත් කියන්නේ නැහැ මම කරපු හැටි, මම තමයි ලෝකයෙන්ම හොදටම කලේ” යයි පැවසීය.
එසේනම් ජනතාවට බොරු දත්ත දෙන්නේ කවුද? නාලක ගොඩහේවලාය.
ගමක් ගමක් ගානේ ගහක් ගහක් ගානේ කෝවිඩ් ලෙඩ්ඩු හමුවෙන විට තවමත් රජය කියන්නේ “කෝවිඩ් සමාජගතව නැති” බවයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැන් මාස ගනනක සිට කියන්නේ වෛරසය සමාජ ගතව ඇති බවයි.
මෙම පච සමාජ ගත කරන දොස්තරලාගේ සංගමය තහනම් කිරීමට රජය කටයුතු කල යුතුය. නමුත් ආණ්ඩුව GMOA එකට භයය.
මේක ඉතා නරකය.
ජනාදිපතිවරයාට ඉතා නරකය.
“පාදෙනියට බය මිනිහෙක් ප්‍රභාකරන් පැරද්දුවා” යයි මිනිස්සු මේ නිසා විශ්වාස නොකරනු ඇත.
දැන් දැන් ආණ්ඩුව PHI සංගමේ රෝහණටත් බය.
MLT වරයෙක් වන රවී කුමුදේශ්ටත් බයය.
ඔහොම බයේ ආණ්ඩු කල හැකිද?
ආණ්ඩුවේ PCR කිරිල්ල එපා වාහෙට හොදි බෙදනවා වාගේය.
හිතුනොත් හිතුන තැන කරයි.
හිතුන දවසේ කරයි.
දාහක් කරලා දෙදහක් කලා යයි කියයි.
පන්සීයක් Positive වුවහොත් 100 ක් Positive වුනා යයි කියයි.
සීයක් මලොත් දහයක් මලා යයි කියයි.
මරණය හේතුව වෙන එකක් යයි කියයි.
වරෙක ‘මී උණ’ යයි කියයි.
වරෙක ‘හෘදයාබාදයකි’ යැයි කියයි.
වරෙක ‘මොලේ ලේ කැටියක් හිර වෙලා’ යයි කියයි.
මෘතදේහ කපා නොබලා මරණයට හේතුව ලෙස පච දෙසා බායි.
දුර ඉදන් මිනිය දෙස බලා හිද මරණයට හේතුව කියයි.
මරණ වලට PCR කරව ගන්න ඥාතින් ආණ්ඩුවට කන්නලව් කල යුතුය.
PCR කරනවානම් මිනිය ගන්න දින ගනන් කල් යනවා යැයි මිනිසුන් බය කර පුලුවන් තරම් PCR නොකර මිනි ඥාතින්ටත් නොදි පුච්චා දමයි.
ජනාදිපතිවරයාගේ මිතුරන් කෝවිඩ් වලින්
ඉතා ලාභදායි බිස්නස් කරති.
එකෙක් Rapid Antigen Test Kits ගෙනවයි.
එකෙක් පිටරට සේවය කරන ශ්‍රීලාංකිකයන් ගෙන්වයි.
එකෙක් සුද්දො ගෙන්වයි.
එකෙක් තම තමන්ගේ හෝටල් Quarantine වලට දී හම්බ කරයි.
එකෙක් ප්‍රවාහන පහසුකම්දී හම්බ කරයි.
ජනාදිපතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා සිට කෝවිඩ් වලට කාළි අම්මා දුන්නා කිවු පැණියක් Promote කරලීය, නඩු නැත.
පාදෙනිය දුම් හට්ටියක් Promote කරලීය, නඩු නැත.
සෞඛ්‍ය ඇමතිනියම එලියන්ත වයිට් රාජකීය වෛද්‍යවරයා සමග එකතුව ජප කරන ලද වතුර ගංගා වලට දැමීය, නඩු නැත.
අප්‍රිකාවේ රටවල පවා මේ වගේ දරුණු වසංගත වලදි මිත්‍යාව ප්‍රචලිත කිරීම සිරගත හැකි තරම් දරුණු අපරාධය.
නමුත් අපේ රටේ උන් ජාතික වීරයන්ය.
ආණ්ඩුවේ නිල සංඛ්‍යා දත්ත විශ්වාස කල නොහැකි බව පවසන්නේ රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමයය.
සංඛ්‍යාන විද්‍යාවෙදි වසංගතයකදි වාර්තා වෙන රෝගින් ගනන සැබෑ රෝගින්ගෙන් 1/3 බව සාමාන්‍ය පිලිගැනීමයි.
එසේ කරනුයේ වසංගතයට හොදින් මුහුණ දීමට ඇති අවශ්‍යතාව අනුවය.
ආණ්ඩුව නිවැරිදි දත්ත සඟවා ගැනීමෙන් රට විශාල අනතුරක හෙලයි.
ජනතාව තුල වැරදි සුරක්ෂිත හැඟීමක් ඇති වෙයි.
එය කෝවිඩ් පාලනයට කරන වැරදි බලපෑම භයානකය.
මිනිස්සු ඉතා සැහැල්ලුවෙන් අවුරුදු කෑමට සුදානම් වුයේ ඒ නිසාය.
ආණ්ඩුව පිස්සු කෙල ආවසානයේ වරද ජනතාවටම පටවයි.
එන්නත්කරණය පවා විකුණ ගෙන කයි.
පලමුව දේශපාලකයෝ පවුල් පිටින් ලෝකයේ හොදම එන්නත් විද ගත්හ.
දෙවනුව සෞඛ්‍ය සේවකයන්ට සහ හමුදාවට ඉන්දියානු එන්නත විදීය.
තෙවනුව ආණ්ඩුවේ හිතවතුන්ට සහ ව්‍යාපාරිකයන්ට රුසියානු එන්නත හොර පාරේ විදියි. මුදලටද විදියි.
නමුත් මහ ජනයා පෝලිමේ තබා චීන එන්නත විදියි.
කෝවිඩ් වලට ජනතාවගේ මුදල් එකතු කර බොරු බිල්පත් දමා ඒ අරමුදලද සුනාම් අරමුදල සේම මංකොල්ල කයි.
මේ ඔක්කොම පරවැඩ, බලු වැඩ, සක්කිලි වැඩ කරමින් ආණ්ඩුව කියන්නේ එයාලා කියන්නේ
පරම සත්‍ය බවය.
මහ පොලවේ කෝවිඩ් මර්දනයට ඝෘජුව සම්බන්ද PHI ලා දොස්තරලා කියන්නේ බොරු බවත් මිනිස්ට්‍රියේ සීතල කාමර වල ජනාදිපති මාධ්‍ය අංශයෙන් ලියලා දෙන දේවල් කියවන අය ඇත්ත බවත්ය.
ආණ්ඩුව ජනතා විශ්වාසය සම්පුර්ණයෙන්ම විනාශ කර ගෙන ඇත.
කොටි නැගිටීම්, වඳ කොත්තු, පාස්කු ප්‍රහාර, ජාතික ආරක්ෂාව ගැන කියපුවා කරපුවා බොරුබව ඔප්පු වුවා සේම කෝවිඩ් වසංගතය ගැන ආණ්ඩුව කෙලින පචද පසු කලක නිරාවරණය වනු ඇත.
නමුත් ඛේදය වනුයේ ඒ වනවිට කෝවිඩ් වලින් අකාලයේ මියගිය ඔබේ ඥාතියට, මිතුරට, අසල්වැසියට ඉන් පණ නොලැබීමයි.
දැන්වත් ඔබ මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව නැඟි නොසිටින්නේ නම් තම තමන්ගේ
දු දරුවන්ගේ අනාගතය ගැන ඇති ආශාව අත අරින්න.
තමන්ගේ බොරු දේශප්‍රේමය රටට කර ඇති හානිය තේරුම් ගන්න.
අපට හෙටක් කොහෙත්ම නැත.
එබැවින් අදම නැඟි සිටින්න..

වෛද්‍ය නිලංග සමරසිංහ
සෞඛ්‍ය ආර්ථික විද්‍යඥ සහ පර්යේෂක
ලුසනර් විශ්ව විද්‍යාලය
ස්විස්ටර්ලන්තය

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.