31 C
Colombo
Wednesday, May 22, 2024

ඇමති කැසිනෝ බලපත්‍ර දීලා හරියන්නෙ නෑ..! – හර්ෂ

- Advertisement -

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් බලපත්‍ර ලබා දීම මුදල් අමාත්‍යවරයා හරහා සිදුනොවිය යුතු බවත් බලපත්‍ර ලබා දීමේ කාර්යය නියාමන කාර්යාලයක් හරහා සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, අද (08) පාර්්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ යහපාලනය පවතින කිසිදු රටක මුදල් අමාත්‍යවරයෙකු කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම සිදු නොකරන බවයි.

“අද අපේ මේසේ උඩ මේ ඉදිරිපත් කරලා තියනවා කැසිනෝ ව්‍යාපාර ආරම්භ කරන්න ලයිසන් දෙන්න. ගරු කතානායකතුමනි මම කියන්න කැමති දෙයක් මේ කැසිනෝ එකේ ලයිසන් දෙන්න හදන්නේ මුදල් ඇමතිවරයා. මේ ලෝකේ කොහේවත් සාමාන්‍යයෙන් යහපාලනය තියන රටවල එහෙම කරන්නේ නැහැ. casino regulator එකක් තියෙන්න ඕන. මේක අපේ මුදල් කාරක සභාවට එයි. ඇවිල්ලා මේක සම්මත කරන්න කියයි. ඇයි මේක දාන්නේ, දැන් සිංගප්පූරුවේ තමයි ලෝකෙම ඇත්තවශයෙන් follow කරන්නේ. 2004 තමයි ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ගෙනාවේ සිංගප්පූරුවේ, කැසිනෝ පටන් ගන්න ඕන කියලා. 2006 තමයි ලයිසන් දෙන්නේ කොහොම ද කියලා license authority එකක් හැදුවේ. නියාමන කාර්යාලයක් හැදුවේ. 2010 තමයි පටන් ගත්තේ. මට සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට කැසිනෝ පටන් ගන්න ඕන නම් පටන් ගන්න. හැබැයි පටන් ගන්න කලින් නියාමන අධිකාරියක් තියෙන්න ඕන.

දැන් බලන්න දරුවො ගැන කතා කළා. කැසිනෝ එකකට යන්නනම් ඩොලර් 100 ක් ගෙවන්න ඕන කියලා නීතියක් තිබුනා. ඔය කැසිනෝ කරන කිසිම කෙනෙක් ඩොලර් 100 ගත්තේ නැහැ. ආදායම් බදු හැටියට ගෙව්වෙත් නැහැ. අවසානේ මිනිස්සුන්ට බදු ගහලා ඒ ඔක්කොම බදු වැඩි කරලා තියනවා. මම කියන්නේ මෙ‌හෙම කරන්න එපා. මට කැසිනෝ දාන එක සම්බන්ධයෙන් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි කැසිනෝ දානව නම් ඒක නියාමනය කරන ආයතනයක් තියෙන්න ඕන. ආයතනයෙන් තමයි ලයිසන් දෙන්න ඕන. සිංගප්පූරුවේ වගේ රටවල් වල 16 දෙනෙකුගෙන් යුතු නියාමන අධිකාරියකින් තමයි ලයිසන් දෙන්නේ. ඉතින් මෙහෙම ඒ්වා දාන්නේ ඇයි කතානායකතුමනි.”

RECENT ARTICLES - SINHALA

මරදගහමුල තොරණත් කඩන් වැටිලා

එළැඹෙන වෙසක් දිනය වෙනුවෙන් දිවුලපිටිය - මරදගහමුල ප්‍රදේශයේ නිර්මාණය කළ තොරණ, අධික සුළං තත්ත්වය සහ වර්ෂාවත් සමඟ අද (22) උදෑසන කඩා වැටී තිබුණා. මෙම තොරණ...

රනිල්ට තව අවුරුදු 12ක් වත් රට භාරදෙන්න ඕනේ – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට තව අවුරුදු 12ක් පමණ රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. වර්තමානය රට...

විජයදාස ගැන නඩුව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක්...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...