26 C
Colombo
Sunday, May 19, 2024

බංග්ලාදේශයට සුපිරි ජයක්

- Advertisement -

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගගත හැකිවූයේ ලකුණු 259ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බලාපොරොත්තු ගෙනා Shubman Gill පන්දු 133කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 121ක් රැස්කර ගත්තා.

කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට දැඩි උත්සාහයක් දැරූ Axar Patel පන්දු 34කදී ලකුණු 42ක් රැස්කළා.

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 3ක් දවාගත්තා.

Mahedi Hasan සහ Tanzim Hasan Sakib කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ඉන්දියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස්කර ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශකිබ් අල් හසන් පන්දු 85කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් රැස්කර ගත්තා

Towhid Hridoy ලකුණු 54ක් රැස්කර ගත් අතර Nasum Ahmed ලකුණු 44ක් රැස්කළා.

Shardul Thakur කඩුලු 3ක් දවාගත් අතර Mohammed Shami කඩුලු 2ක් දවාගත්තා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...