31 C
Colombo
Sunday, May 12, 2024

ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිලට විශිෂ්ට ජයක්

- Advertisement -

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගැනීමට සමත් වුණා.

අබුඩාබිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18යි පන්දුවක් තුළ දැවී ගියේ ලකුණු 94කදීයි.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3යි.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10යි පන්දුවක් තුළ කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළා.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59ක් ලබා ගත් අතර, විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: මෛත්‍රිපා​ල ඉල්ලා අස්​වේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ​තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. මේ බව දැනුම් දී තිබෙන්නෙ අද (12) කෝට්ටේ...

වසන්ත යාපාබණ්ඩාරගෙන් අල්ලස් කොමිසමට පැමිණිලි 3ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් ඊයේ (11) අල්ලස් කොමිසමට පැමිණිලි තුනක් ඉදිරිපත් කළා. ඒ අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ කෝටි ගණනකක වංචා පිළිබඳව ,අම්බුළුවාව...

සබරගමුවේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක්

සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සඳහන් කළේ, මේ වන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...