28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

හලාවත,නාත්තන්ඩිය,වෙන්නප්පුව හුදෙකළා කරන්න යැයි ඉල්ලීමක්

- Advertisement -

හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොවිඩ් වෛරසය පැතිරයෑමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හලාවත, නාත්තන්ඩිය සහ වෙන්නප්පුව ප්‍රදේශ වල ජනතාවගේ ගමන් බිමන් සීමාකර හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කොවිඩ් මර්ධන ජාතික මධ්‍යස්ථානය වෙත දන්වා යවා ඇත.

හලාවත ප්‍රදේශයේ බහුලව සිදු කරගෙන යන ධීවර කර්මාන්ත සහ ඉස්සන් වගාව හේතු කොටගෙන වෛරසය ඉතා වේගයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතේ සෞඛ්‍ය බලධාරීන් මේ සඳහා වන නිර්දේශ තමන්ල වෙත බාදී ඇති බවත් කොල්ලුරේ මහතා පවසා ඇත.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්ත ශාලාවක සේවකයින් 48 ක් ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවත්  අදාල ප්‍රදේශ වලින් සේවකයන් පැමිණෙන බැවින් එවැනි ආසාදිත පුද්ගලයන්ගෙන් වෛරසය පැතිර යාම පාලනය සඳහා මෙම හුදෙකලා කිරීම අත්‍යාවශ්‍ය බවත් ඒ මහතා පවසා ඇත.
 

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...