30.7 C
Colombo
Tuesday, April 23, 2024

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

- Advertisement -

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම තරඟයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විසින් නිපන්දුවක් ලෙස සංඥා නොකිරීම හේතුවෙන් ICC යෙන් ඔහු වෙත දඬුවමක් පනවා තිබෙනවා.

ඒ ඔහුගේ ලකුණු අඩු කරමින්.

ඒ සමඟම ඔහු විනිසුරු ශ්‍රේණිගත කිරීම් හි පහල තත්වයකට පත්වන අතර, ඔහුට ලැබෙන ජාත්‍යන්තර තරඟ ගණනද අඩු වනවා.

තරගය අවසන් වීමෙන් අනතුරුව නායක වනිඳු හසරංග විසින් ඊට සිය විරෝධය පළ කළා.

ඒ හේතුවෙන් ඔහුට ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් 50%ක දඩයක් පනවා ඇති බවයි, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර සිටියේ.

එමෙන්ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු...

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...