29 C
Colombo
Saturday, July 27, 2024

ජය ශ්‍රී දියමන්ති බිස්නස් එකක් පටන් අරන්ද ?

- Advertisement -

ජය ශ්‍රී කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් කරපු කණ්ඩායමක්. දිගු කාලයක නිහැඬියාවකින් පස්සේ මේ අයියා මලෝ අළුත් වෙනසකට මුල පුරලා තියෙනවා. තවමත් හරිහැටි හෙළිදරව් නොකරපු මේ කටයුත්තට දියමන්ති වල සම්බන්ධයකුත් තියෙන බව ජය ශ්‍රී පසුගියදා අනාවරණය කළා.

මේ අලුත් වැඩේ ගැන අදහස් දක්වපු ජය ශ්‍රී කියන්නේ, ‘රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ. ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. අපිට යුනික්, ඔපදාගන්න එක අපිම කරගන්නවා’ කියලයි.   

ජය ශ්‍රී ලා කියන මේ අලුත් ව්‍යාපෘතිය දැවැන්ත ප්‍රසංග මාලාවක් ද අලුත් සෙල්ලමක් ද නැතිනම් දියමන්ති ව්‍යාපාරයක් ද කියන එක ගැන නම් පැහැදිලි හෙළිදරව්වක් තවම කරලා නැහැ. කොහොමවුණත්, ජය ශ්‍රී කරන මේ අලුත්ම කටයුත්තට රුවිතයක සම්බන්ධයක් තියෙන බවත් මේ අයියා මලෝගේ කතාබහේදී හෙළිදරව් වුණා.

ජය ශ්‍රී රොහාන් මේ ගැන කියන්නේ ‘බඩු සැරයි – සැප ගොඩයි’ කියලා. ඇත්තටම රොහාන් කියන මේ බඩු මොනවද කියන එක එයාලා තවම මාධ්‍යට නම් හෙළිදරව් කරලා නැහැ.

ජය ශ්‍රී ලා එක්ක මේ කටයුත්තට දැවැන්ත පිරිසකුත් එකතු වෙලා ඉන්නවා. යාපනය වගේම ලංකාවේ ආකර්ශණීය තැන් ගණනාවක දී මේ ව්‍යාපෘතියට අදාළ කටයුතු කෙරුණු බවත් ජය ශ්‍රී අයියා මලෝ කියනවා.

‘ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වලට ගිහිල්ලා, ගොඩක් මහන්සි වෙලා, ලස්සන වැඩක් කරගෙන යනවා’ කියලයි.

ජය ශ්‍රී ලා කරන මේ අලුත් වැඩේ ගැන අපි අවදියෙන්.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...